දේශීය පුවත්

මගේ සහය සජිත්ට – හකීම්

September 17, 2019 12:11 pm | Lanka Lead News

ජනාධිපතිවරණයේදී අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට තම සහාය ලබාදිය හැකි බව අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි.

කුරුණෑගලදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදි ඔහු පැවසුවේ ජනප්‍රිය අපේක්ෂකයෙක් එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරනු ඇති බවට තමන් බලාපොරොත්තු වන බවයි.

නමුත් තවමත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් නොලැබුණ බවද ඒ මහතා පැවසීය.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් එළබෙන සතිය තුල ලැබෙනු ඇති බවට තමන් විශ්වාස කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ඉන් අනතුරුව තම පාර්ශවයේ තීරණය අනෙකුත් සෙසු පක්ෂ සමඟ සාකච්ඡා කර තීරණය කරන බවද ඔහු පවසයි.

එහිදි මාධ්‍ය වේදින් නැගු ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ සජිත් ප්‍රේමදාස මහතාට, තමාගේ සහය ලබා දීබේ වැඩි නැඹුරුවක් පවතින බවයි.

කරු ජයසූරිය මහතාට අපේක්ෂකත්වය ලබා දීම සම්බන්ධයෙන් අදහස් දැක්වු අමාත්‍යවරයා පැවසුවේ එතුමාගේ ජනප්‍රියත්වය සම්බන්ධයෙන් ගැටළුවක් පවතින බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More