දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ඉක්මනින් නම් කරන ලෙස ඉල්ලා එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට තමන් ලිඛිතව දැනුම් දුන් බව එජාප නියෝජ්‍ය නායක නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

ජනාධිපති අපේක්ෂකවරයා නම් කිරීම තවදුරටත් ප්‍රමාද කළ නොහැකි බවත්, එම ප්‍රමාදය රටට හා පක්ෂයට සිදු කරන හානියක් සේම, ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන මරු පහරක් බවත් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

සෑමවිටම ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන තමන් ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට ඉදිරිපත් කිරීම ප්‍රශ්නයක් නම් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ මන්ත්‍රී කණ්ඩායම කඩිනමින් රැස්කර ඔවුන්ගෙන් විමසා තීරණය කරන ලෙසත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

කුමන ගැටළු පැමිණියත් එ.ජා.ප ය ජයග්‍රහණය කරවීමේ මෙහෙයුමට තමන් නායකත්වය ලබා දීමට සුදානම් බවත්, ඉතාම ඉක්මනින් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිත බැවින් අප ඊට සුදානම් විය යුතු බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ, තිස්සමාහාරාම, උද්ධගන්දර ප්‍රදේශයේ ඉදිකළ “සඳකුසුම්ගම” සහ “සැදෑතිස්ගම” යන උදා ගම්මාන 2 ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට ඊයේ(16) දින සහභාගි වෙමිණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More