දේශීය පුවත්

තම විශ්‍රාම වැටුපට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලා අධික වර්ෂාව නොතකා ආබාධිත රණවිරුවන් කොටුවේ දුම්රිය ස්ථානය අසල අද හත්වන දිනටත් සිය උපවාසය පවත්වයි. ‍

මේ වෙනුවෙන් මහා සංඝරත්නය සහ විවිධ සංවිධාන වල පිරිස් ඇතුළු දේශපාලනඥයින් ද එම ස්ථානයට ගොස් ආබාධිත රණවිරුවන්ට සහය දක්වන බව ප්‍රකාශ කර ඇත. නමුත් වර්තමාන ආණ්ඩුවේ කිසිවකු එම ස්ථානයට ගොස් ඔවුන්ගේ ගැටලු විසඳන බවට කිසිදු සහතිකයක් මේ දක්වා ලබා දී නොමැත. මේ අතර මෙම ස්ථානයට පැමිණි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානී ආචාර්ය සරත් වීරසේකර මහතා ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් ආණ්ඩුව ක්‍රියා නොකරන්නේ ආණ්ඩුවට එල්ල වන ජාත්‍යන්තර බලපෑම නිසා බවයි.

රට බේරාගත් රණවිරුවන් සමග ජාත්‍යන්තර දෙමළ ඩයස්පොරාව විරුද්ධ නිසා රණවිරුවන්ට යුධ අපරාධ චෝදනා එල්ල කරන බවත් ඒ අතරතුර රණවිරුවන්ගේ සුභසාධන ක්‍රියාවන්ට සම්බන්ධ නොවන ලෙසට ඔවුන් ආණ්ඩුවට ඉල්ලීමක් කර ඇති බවත් ජාත්‍යන්තරය පිනවන යහපාලන ආණ්ඩුව මේ නිසා නිහඬව සිටින බවත් සරත් වීරසේකර මහතා පෙන්වා දෙයි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More