ව්‍යාපාරික පුවත්

රුපියල දිගින් දිගටම අවප්‍රමාණය වීම හා ජපන් යෙන් එකක මිල වරින්වර ඉහළයාමත් සමගම, සෑම කුඩා වාහනයකම මිල ගණන් ගත වූ මාස දෙක තුළ රුපියල් ලක්ෂ එකහමාරකින් පමණ ඉහළ ගොස් ඇති බවද, මේ හේතුවෙන් වාහන ආනයනය ශීඝ්‍ර ලෙස පහත වැටී ඇති බවද ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

2019 අයවැය යෝජනාවකට අනුව ඉදිරියේදී පැනවීමට යෝජිත සුඛෝපභෝගී වාහන බද්දෙන් පසු රුපියල් ලක්ෂ 35කට වැඩි සිලින්ඩර් ධාරිතාව 2300 (ඩීසල්) සහ සිලින්ඩර් ධාරිතාව 1800 (පෙට්‍රල්) අගය ගන්නා සෑම වාහන කාණ්ඩයකටම රුපියල් ලක්ෂ 5 – 25 අතර අමතර බද්දත් ගෙවීමට සිදු වන බවද, වාහන අලෙවිය පහළ බැසීමට මෙම තත්ත්වය වඩාත්ම බලපා ඇති බවද එම සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග මහතා ලංකාදීපයට අද(12) පැවැසීය.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයත් සමගම බිංදුවට වැටී තිබූ වාහන අලෙවිය නැවත 20%කින් පමණ ඉහළ යමින් තිබියදී මෙවැනි තත්ත්වයක් ඇතිවීම වාහන අලෙවිය තවදුරටත් පහළ වැටීමට හේතුවක් වන බවද හෙතෙම කියාසිටියේය.

සිලින්ඩර් ධාරිතාව 650, 800 හා 1000 යන කාණ්ඩවලට අයත් කුඩා වාහනවල මිල රුපියල් ලක්ෂ 1.5කින් ඉහළ යාම හේතුවෙන්, ඇල්ටෝ වර්ගයේ කුඩා වාහනවල පමණක් මිල ගණන් රුපියල් ලක්ෂ 26 සිට ලක්ෂ 27.5 දක්වා ඉහළ ගොස් ඇතැයිද හෙතෙම සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More