දේශීය පුවත්

එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් සමඟ පැවැත්වූ සාකච්ඡාව අති සාර්ථක බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අදාළ සාකච්ඡාව ඊයේ (14) රාත්‍රියේ පැවැත්වුණේ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ කොළඹ පිහිටි නිවසේදීයී.

එම සාකච්ඡාවට එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන රවුෆ් හකීම්,මනෝ ගනේෂන් ,රිෂාඩ් බදුයුදීන් , පලනි දිගම්බරම් සහ පාඨලී චම්පික රණවක යන මහත්වරුන් එක්ව සිටියේය.

ඊට එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් සහභාගි වූයේ මලික් සමරවික්‍රම ,එරාන් වික්‍රමරත්න සහ මංගල සමරවීර යන මහත්වරුන්.

රාත්‍රී 10.30ට පමණ ආරම්භ වූ සාකච්ඡාව පැය එක හමාරක පමණ කාලයක් පැවැති අතර සාකච්ඡාවෙන් පසු සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍ය වෙත අදහස් පල කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More