දේශීය පුවත්

වැටුප් ගැටලුව සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී ආරම්භ කළ අඛණ්ඩ විරෝධතාවය තවදුරටත් ක්‍රියාත්මකයි.

ඔවුන්ගේ ඉල්ලීම් කඩිනමින් ඉටුකර දීමට ආණ්ඩුව ක්‍රියාකළ යුතු බව මහ නා හිමිවරුන්ගේද අදහස බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී පූජ්‍ය ආචාර්ය මැදගම ධම්මානන්ද හිමි පෙන්වා දෙයි.

ඉකුත් 11 වැනිදා ආරම්භ කළ අඛණ්ඩ විරෝධතාවයේ නිරත රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගයේ සාමාජිකයින් මේ වන විටද කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසළ රැදී සිටිනු දක්නට ලැබේ.

මිය ගිය රණවිරුවන්ගේ බිරින්දෑවරුන්ද අදත් (15)  විරෝධතාවයට සහය පළ කළේය.

එමෙන්ම සිවිල් වැසියන් කිහිප දෙනෙකුද විරෝධතාවයට සහය පළ කරමින් ඊට එක් වූ අතර සිවිල් සංවිධාන නියෝජිතයින්, දේශපාලනඥයින් ඇතුළු පිරිසක්ද විරෝධතාකරුවන්ගේ සුවදුක් විමසීමට පැමිනියේය.

මේ අතර රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගයේ සාමාජිකයින් පිරිසක් අද අස්ගිරි පාර්ශ්වයේ මහානායක අති පූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහ නාහිමි බැහැ දැක සිය ගැටලුව පැහැදිලි කළේය.

අනතුරුව එම පිරිස අස්ගිරි පාර්ශ්වයේ ප්‍රධාන ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන්ද බැහැදුටුවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More