පුරවැසි කොලම

⋆ හිටපු ආරක්‍ෂක ලේකම්ට සහ හමුදාපතිට එරෙහිව බොරු පැමිණිලි කිරීමට ප‍්‍රංශයේ සිට කොටි තරුණ තරුණියන් ජිනීවා එති

⋆ ශ‍්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව ස්විස්ටර්ලන්තය යුද අපරාධ කාර්යාලයක් ආරම්භ කරයි

⋆ අන්තවාදී මුස්ලිම්වරු සිව්දෙනෙක් අයිසිස් සංවිධානයට එක්වීමේ සිද්ධිය යටපත් කිරීමට මුජබර් රහමන්ද කි‍්‍රයාකළ බව හෙළිවෙයි

⋆ ගෝලීය ශ‍්‍රී ලංකා සංසදයේ විධායක සභාව මානව හිමිකම් කොමසාරිස්ට එරෙහිව එක්සත් ජාතීන්ගේ මහලේකම්ට පැමිණිලි කරයි

⋆ යාපනය රෝහලේ වෛද්‍යවරු හෙදියන් සහ රෝගීන්ව මැරුවේ ඉන්දීය සාම හමුදාවයි

ස්විස්ටර්ලන්තය තුළ ජාත්‍යන්තර යුද අපරාධ ගැන සෙවීමේ කාර්යාලයක් ආරම්භ කර ඇත. එහෙත් මේ කාර්යාලය වෙත ශ‍්‍රී ලංකාවේ කිසිදු රජයක් කොටි සංවිධානය යුද අපරාධ සිදුකළ බවට පැමිණිලි කර නැත. එහෙත් ශ‍්‍රී ලංකාව යුද අපරාධ කළ බව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වී තිබේ. රියර් අද්මිරාල් සරත් වීරසේකර ජිනීවාහි මානව හිමිකම් සමුළුවට සහභාගිවීම සඳහා පැමිණි අවස්ථාවේ ඔහු යුද අපරාධ සිදුකළ බවට චෝදනා කර අත්අඩංගුවට ගන්නැයි කොටි ඩයස්පෝරාව ඉල්ලීමක් කළේ මෙම යුද අපරාධ සෙවීමේ කාර්යාලයෙනි.

මෙකී කාර්යාලයට පැමිණිලි ඉදිරිපත් කරන්නේ ස්විස්ටර්ලන්තයේ සිට කි‍්‍රයාත්මක වන ට‍්‍රයල් ඉන්ටර්නැෂනල් නැමැති රාජ්‍ය නොවන සංවිධානයයි. වන්නි මෙහෙයුමේ සෙන්පතියකුවූ ජගත් ඩයස් අත්අඩංගුවට ගැනීම සඳහා ට‍්‍රයල් සංවිධානය යුද අපරාධ සෙවීමේ කාර්යාලයට වාර්තාවක් ඉදිරිපත් කළ අතර එය සාර්ථක වූයේ නැත.

එහෙත් මේ වනවිට ගැම්බියානු ආරක්‍ෂක කටයුතු ඇමැතිවසිටි අවුස්ටන් සෝන්කෝ සහ හිටපු ලයිබිරියානු ගරිල්ලා නායක අලිසු කොයියා සිව් වසරක් තිස්සේ සිරභාරයේ සිටිති. මොවුන්ට එල්ල වී ඇත්තේද යුද අපරාධ චෝදනායි.

මෙයට කලකට පෙර මේජර් ජනරාල් කමල් ගුණරත්න ස්විස්ටර්ලන්තයට පැමිණි අතර ඒ ගැන කොටි ඩයස්පෝරාවට වාර්තා වූයේ නැත. එහෙත් ඔහු විගස ජිනීවා සිට ප‍්‍රංශයට පැමිණියේය.

මේ පසුබිම මැද තානාපති මුක්තිය නැති හිටපු හමුදා නිලධාරීන් විශ්ව අධිකරණ නීතිය යටතේ ස්විස්ටර්ලන්තයේදී අත්අඩංගුවට ගැනීමට හැකිවේ.

කොළඹ ස්විස් තානාපති කාර්යාලයේ කොටි ඩයස්පෝරා හිතවාදීන් සිටින නිසා කොළඹ සිට ස්විස්ටර්ලන්තයට යන හිටපු හමුදා නිලධාරීන් ගැන විමර්ශනය කෙරේ.

මෙයට පෙර රාජ්‍ය බුද්ධි සේවා ප‍්‍රධානියාව සිටි සිසිර මෙන්ඩිස් ජිනීවාහි සමුළුවකට පැමිණි අවස්ථාවේ ඔහුට අත්අඩංගුවට ගැනීමේ සැලසුමක් දියත් වූවත් තානාපති මුක්තිය නිසා එය අසාර්ථක විය.

ඊපීඞීපී නායක ඩග්ලස් දේවානන්ද ජිනීවා නුවරට පැමිණි අවස්ථාවේදීද අත්අඩංගුවට ගැනීමේ රහස් සැලසුමක් දියත් වී තිබුණි.

araksha2එහෙත් ස්විස් රජය හෝ යුද අපරාධ සෙවීමේ කාර්යාලය කොටි සිදුකල යුද අපරාධ ගැන විමර්ශනය නොකරන්නේ ස්විස්ටර්ලන්තය තුළ කොටි සංවිධානය ත‍්‍රස්තවාදී සංවිධානයක් නොවන බවට ස්විස් අධිකරණය තීන්දුවක් දීම නිසාය. හිටපු කොටි හමුදා නායකයකු වූ විනයගමුර්ති කරුණා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ගොස් කොටි සංවිධානය යුද අපරාධ සිදුකළ බවට සාක්‍ෂි දීමට සූදානම් වූවත් ඊට අවස්ථාවක් නොලැබුණේ කොටි ඩයස්පෝරාව ‘‘කරුණාව’’ යුද අපරාධකරුවකු ලෙස නම්කර ජිනීවා යුද අපරාධ සෙවීමේ කාර්යාලය ලවා අත්අඩංගුවට ගැනීමට සැලසුම් කර තිබීම නිසාය.

එහෙත් කොටි සංවිධානයේ යුද අපරාධකරුවන් 200 කට අධික පිරිසක් ස්විස්ටර්ලන්තයේ දේශපාලන රැකවරණ ලබා තිබේ. ඔවුන් අතර ති‍්‍රකුණාමලයේ හිටපු කොටි හමුදා නායකයාද වේ.

මේ පසුබිම මැද ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර යුද අපරාධ කාර්යාලයක් කි‍්‍රයාත්මක වන බව ශ‍්‍රී ලාංකිකයන්ද නොදනී. (Switzerland war crime office)

හිටපු මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් හුසේන් මෙන්ම ශ‍්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කරන එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනි යස්මින් සුකා වන්නි මෙහෙයුමේ හමුදා ප‍්‍රධානීන් 68 ක් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර විශ්ව සම්මුතිය කි‍්‍රයාත්මක කරන ලෙස එම සම්මුතියට එකඟවූ රටවල් වලින් ඉල්ලා සිටියේ එම යුද අපරාධ කාර්යාලය ලවා ඔවුන්ට අත්අඩංගුවට ගැනීමටය.

පසුගිය වසරේ යස්මින් සුකා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණ හිටපු හමුදාපති ජගත් ජයසූරිය යුද අපරාධකරවකු යයි නම්කර ඔහුවද අත්අඩංගුවට ගතයුතු යයි කියා සිටියාය.

ඇගේ මීළඟ ඉලක්කය හමුදාපති ශවේන්ද්‍ර සිල්වායි.

ස්විස්ටර්ලන්තයේ පිහිටි මෙම යුද අපරාධ කාර්යාලයට ජාත්‍යන්තර අපරාධ ගැන සෙවීමේ බලය ඇත. මානව සංහතියට එරෙහි අපරාධ සහ සමූල ඝාතන කි‍්‍රයාදාමයන් ගැන විමර්ශනය කිරීමේ නීතිද එකී කාර්යාලය සතුවේ.

මේ නිසා යස්මින් සුකා විසින් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු වන්නි හමුදා නායකයකුද හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂටද එල්ල කර ඇත්තේ මානුෂීය නීති උල්ලංඝණය කිරීමේ චෝදනායි.

මේ අනුව ස්විස්ටර්ලන්තයෙන් පිටත යුද අපරාධ සිදුකර ඇත්නම් ස්විස් නඩු අධ්‍යක්‍ෂකවරුන්ට සාක්කිකරුවන් ස්විස්ටර්ලන්තයට ගෙනඒමට හෝ එම සාක්කිකරුවන් සිටින රටවලට ගොස් සාක්කි ලබාගැනීමටද හැකිවේ.

මෙම බලතල ගැන හොඳින් දන්නා කොටි ඩයස්පෝරාව ශ‍්‍රී ලංකාවේ හමුදා ප‍්‍රධානීන්ට එරෙහිව යුද අපරාධ සෙවීමේ කාර්යාලය ලවා විශ්ව අධිකරණ පද්ධතිය කි‍්‍රයාත්මක කිරීමේ මෙහෙයුම වසර කීපයක් තිස්සේ දියත් කරමින් සිටිති. මෙහිදී මෙරට හිටපු විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර ශ‍්‍රී ලංකා හමුදාව යුද අපරාධ සිදුකළ බවට එකඟවීම නිසා කොටි ඩයස්පෝරාව දැඩි සතුටට පත්වී ඇත.

මේ පසුබිම මැද සැප්තැම්බර් 9 දා 42 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුව ආරම්භ වේ. මෙවර සමුළුවේදී ශ‍්‍රී ලංකාවට එරෙහිව යෝජනා ඉදිරිපත් වී නැතත් කොටි ඩයස්රාව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂට සහ හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව සමාන්තර රැස්වීම් මෙන්ම ප‍්‍රංශයේ සිට කැඳවාගෙන එන බොරු සාක්කිකරුවන් ලවා යුද අපරාධ චෝදනා එල්ල කිරීමේ මෙහෙයුමේ ආරම්භ කර ඇත.

එහෙත් ප‍්‍රංශයේ සිට පැමිණෙන මෙම කොටි හිතවාදීහු වන්නි මෙහෙයුම සමයේ මෙරට සිටි අයවළුන් නොවේ. ඔවුන් මුලතිව්, කිලිනොච්චි, නෙලූන්කර්නි වැනි ස්ථාන ඇත්තේ කොහේද යන හමුදා සේනාංක ස්ථාපිත කර තිබුණේ කුමන ස්ථානයකදැයි නොදනී.
araksha4ඇතමුන් ප‍්‍රභාකරන්ගේ පුත‍්‍රයන්ගේ නම් හෝ තමිල් සෙල්වන් සහ නඬේසන් ගැන පවා දන්නේ නැත.

එහෙත් මානව හිමිකම් කවුන්සිලයේ රැස්වීම් ශාලාවකදී කොළයක ලියාඇති වචන කටපාඩම් කරන අයුරු අපි දුටුවෙමු.

එසේ වුවත් මානව හිමිකම් කවුන්සිලයේ රාජ්‍ය නොවන සංවිධාන කාර්යාලයේ ප‍්‍රධානීහු මේ කොටි හිතවාදී තරුණ තරුණියන්ගේ අනන්‍යතාවය ගැන විමසීමක් කරන්නේ නැත.

මොවුන් සැවොම පවසන්නේ තමන් වන්නියේ සිට පැන ආ බවයි. මේ අතර ශ‍්‍රී ලංකාවට සම්බන්ධ මානව හිමිකම් කවුන්සිලයේ වාර්තාව ගැන ගෝලීය ශ‍්‍රී ලංකා සංසදය මෙවර කරුණු ඉදිරිපත් කරමින් එම වාර්තාව සකස් කර ඇත්තේ ලිඛිත සාක්‍ෂි 1985 ක් සහ තවත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් ලබාගත් තොරතුරු වලින් බවත් එම ලිඛිත සාක්‍ෂිකරුවන් හෙලිකර නැතැයිද දක්වා ඇත.

එසේම මෙවර මානව හිමිකම් කවුන්සිලය හමුවේ අභියෝගයට ලක්කර ඇත්තේ ජිනීවා යෝජනාවට එකඟත්වය පලකිරීමට නීත්‍යානුකූලව අවසර ඇත්තේ ජනපතිව මින් හිටපු විදේශ ඇමතිට නොවන බවයි.

බි‍්‍රතාන්‍යයේ රාජ නීතිඥ ජෙප්රි නයිස් සහ මෙරට නීතිවේදී දර්ශන වීරසේකර ඒකාබද්ධව කෙටුම්පත් කළ එම තර්කය ඇතුලත් පැමිණිල්ල මානව හිමිකම් කවුන්සිලය විසින් ප‍්‍රතික්‍ෂේප කරනු ලැබීය.

එහෙත් එම ප‍්‍රතික්‍ෂේප කිරීම වැරදි සහගත බවට අභියාචනයක් දැන් යලිත් ඉදිරිපත් කර ඇත.
ෙසෙවරී රටක රාජ්‍ය නායකයාට මිස ඇමැතිවරයකුට ජාත්‍යන්තර යෝජනාවකට අනුමැතිය දීමට බලයක් නැති බව රාජනීතිඥ ජෙප්රි නයිප් සිය අභියාචනයේ සඳහන් කර තිබේ.

මෙම අභියාචනය මානව හිමිකම් කවුන්සිලය පිළිගතහොත් යුද අපරාධ චෝදනා එල්ල වන ජිනීවා යෝජනාව බලරහිත වේ.

araksha3මේ අතර මෙරට ඇමරිකානු තානාපතිනි ඇලෙයිනා පෙලිට්ස් ඇමරිකානු සිවිල් යුද්ධයේදී සිදුවූ අපරාධ වසන් කරමින් ශ‍්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කර ඇත. 1861-1895 දක්වා සමයේ ඇමරිකාවේ සිදුවූ බිහිසුණු සිවිල් යුද්ධයේ යුද අපරාධකරුවන් ලෙස හිටපු ජනපති ඒබ‍්‍රහම් ලින්කන් ඔහුගේ සෙන්පතිවරුන්වූ පුලියිස් ග‍්‍රාන්ට් සහ විලියම් ෂර්මන්ට චෝදනා එල්ල වී තිබේ.

විලියම් ශර්මන් යනු ගොවිපලවල්, නිවාස ඇතුළු සියලූ දේම විනාශ කළ බිහිසුණු යුද සෙන්පතියෙකි.

එදා ඒබ‍්‍රහම් ලින්කන් දකුණේ කරුලිකරුවන් සහමුලින්ම පරාජය නොකළේ නම් අද ඇමරිකාව යනුවෙන් රටක් නැතැයි ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයකුවූ ලැන්ස්කි වරක් පවසා තිබුණි.

මෙලෙස ඇමරිකානු බිහිසුණු යුද අපරාධ ගැන වසන් කරන තානාපතිනි ඇලෙයිනා පෙලිට්ස් හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට එරෙහි චෝදනා බරපතල මෙන්ම විශ්වාස කළ හැකි බව කියා සිටියි.

එහෙත් 2009 සහ 2018 වර්ෂවල කොළඹ ඇමරිකානු තානාපතිනි නිලධාරීන් විසින් එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙත යවනු ලැබූ රහස් වාර්තා දෙකේ නොපැහැදිලි සහ පරස්පර විරෝධි කරුනු ඇතැයි රාජ්‍ය දෙපාර්තමේන්තු පොලිස්පතිවරයා හෙලිකර ඇත. මෙම වාර්තාවල සනාථ නොකළ කරනු සහ එහි විශ්වාසනීයත්වය ගැනද හෙතෙම ප‍්‍රශ්න කර තිබේ. ශවේන්ද්‍ර සිල්වා සම්බන්ධ තානාපති නිලධාරීන්ගේ වාර්තා පරස්පර විරෝධී බව රාජ්‍ය දෙපාර්තමේන්තු පොලිස්පතිවරයා පවසද්දී යුද අපරාධ චෝදනා බරපතල යයි තානාපති ඇලෙයිනා පෙලිට්ස් ප‍්‍රකාශ කරන්නේ කෙසේද?

එසේ වූවත් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට සම්බන්ධ පොලිස්පතිවරයාගේ එම හෙලිකිරීම කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය වසන් කර තිබේ. මෙම ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු පොලිස්පතිවරයා ස්වාධීනව සහ කිසිදු පාර්ශවයකට සම්බන්ධ නොවී කි‍්‍රයාකරන්නෙකි.

මෙම පසුබිම මැද එක්සත්ජාතීන්ගේ සංවිධානය සඳහන් කළේ වන්නි මෙහෙයුමින් මියගිය ද්‍රවිඩයන් සංඛ්‍යාව 40000 ක් බවයි.

එහෙත් බි‍්‍රතාන්‍ය වාර්තාවේ සඳහන් වූයේ මියගිය සංඛ්‍යාව 7000 ක් බවයි.

එසේ වූන්‍ත් ඇමරිකානු රජය එම වාර්තාව පිළිගෙන නැත. 2009 ඔක්තෝම්බර් 23 දා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු ප‍්‍රකාශක ඉසන් කෙලි පැවසුවේ ජාත්‍යන්තර සංවිධාන – මාධ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන සැපයූ තොරතුරු විශ්වාසනීය බවට ඇමරිකාව පිලිගන්නා බවයි.

එහෙත් මියගිය ද්‍රවිඩයන් 40000 කගේ සිරුරු වලට කුමක් වූයේද යන ප‍්‍රශ්නයට ප‍්‍රතිචාර දැක්වීමට ඇමරිකානු රජය සහ කොටි ඩයස්පෝරාව මේ වනතෙක් කි‍්‍රයාකර නොමැත.

එහෙත් එම මියගිය සංඛ්‍යාවට අභියෝගයක් එල්ල කර ඇත්තේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු පොලිස්පතිවරයායි.

ඔහු මෙලෙස කියා සිටියි.

‘‘කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය යුද මුක්ත කලාපයට ෂෙල් ප‍්‍රහාර එල්ල කළේ රජයද කොටි සංවිධානයද යන්න සනාථ කර නැත.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව 2009 ඔක්තෝබර් 23 දා ප‍්‍රකාශයට පත්කළ වාර්තාවේද සඳහන් කර ඇත්තේ එකතු කළ තොරතුරු සහ දත්ත තහවුරු කළ නොහැකි බවයි.

එසේ නම් ඇමරිකානු තානාපතිනිය හමුදාපතිට එරෙහිව සෘජුව චෝදනා ඉදිරිපත් කිරීම පිළිගත හැකිද?

මේ අතර ඉන්ටර්පෝල් හෙවත් ජාත්‍යන්තර පොලිසිය පාස්කු ඉරිදා ප‍්‍රහාරයට අදාලව වාර්තා 35 ක් රජයට බාරදී ඇත. ඉන්ටර්පෝල් ආයතනය සතුව විදේශ ත‍්‍රස්තවාදීන් 50000 කගේ තොරතුරු ඇති බව අනාවරණය වී තිබේ.

පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ එක් චූදිතයකුවූ අන්මද් ටිල්ශාන් සවුදි අරාබියාවේ සිටියදී අත්අඩංගුවට ගැනීමට හැකිවූයේද ඉන්ටර්පෝල් වරෙන්තුවක් මතය. මෙවන් පසුබිමක් මැද 2016 නොවැම්බර් 30 දා එ.ජා.ප. මන්ත‍්‍රී මුජබිර් රහ්මන් නමැත්තා ශ‍්‍රී ලංකා එල්ල වී ඇති අයිසිස් තර්ජනය ගැන මෙලෙස පවසා තිබුණි.

‘‘අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ බුද්ධි වාර්තාවක් මත ශ‍්‍රී ලාංකිකයන් සිව්දෙනෙක් අයිසිස් සංවිධානයට සම්බන්ධ වී ඇති බව පවසා තිබුණි. එහෙත් ඊට අදාල නිසි තොරතුරු ලැබී නැත. එසේම කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැත. එසේ නම් කාතන්කුඩියේ සහරාන්ලා මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර එල්ල කළේ කෙසේද?

මෙවන් තොරතුරු වාර්තා වන අවස්ථාවේ දීනයන් කීපදෙනකු සිංහල බ‍්‍රයිස්ම්ස් නැමැති මුහුණ පොතට සමානව ව්‍යාජ මුහුණ පොතක් නිර්මාණය කර ඇත. මේ තක්කඩි පිරිස කවුරුන්දැයි මේවන විට හෙලිවී ඇත.

ජර්මනියේ සිට කි‍්‍රයාත්මක වන පරිගණක තාක්‍ෂණික ශිල්පියකු විසින් මේ ව්‍යාජ මුහුණු අඩවියේ නිර්මාතෘවරු සොයාගෙන තිබේ.

සිංහල බෞද්ධයන්ගේ ෆේස් බුක් මහගෙදර ලෙස හඳුන්වන සිංහල බුඩිස්ට්ස් මුහුණ පොතට සමානව විකාශනය කරන ව්‍යාජ මුහුණ පොතේ ඉලක්කය හිටපු ආරක්‍ෂක ලේකම් සහ ඔහුගේ ඥාතීන්ය. මේ දීන කි‍්‍රයාවේ යෙදෙන්නන් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්ගේ නම් සඳහන් කරමින් එකී මුහුණ පොතට බොරු ලිපි ඇතුලත් කර තිබේ.

මේ අතර ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම්ට අදාලව බුද්ධි වාර්තා 97 ක් හිටපු පොලිස්පතිට හා හිටපු ආරක්‍ෂක ලේකම් වෙත ඉදිරිපත් කර තිබූ බව හෙලිවිය.

නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මේ බව දිවුරුම් ප‍්‍රකාශයකින් හෙලිකර ඇත.

මෙම බුද්ධි වාර්තාවල සැකකරුවන්ගේ නම් සහ දුරකථන අංකද සඳහන් කර තිබුණි.

එහෙත් හිටපු ආරක්‍ෂක ලේකම් හා හිටපු පොලිස්පති එම බුද්ධි වාර්තා ගැන නිසි පියවර ගෙන නැත. මෙවන් පසුබිමක් මැද ගෝලීය ශ‍්‍රී ලංකා සංසදයේ විධායක සභාව මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලට්ට එරෙහිව එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුවාරෙප්ට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

ඇය ෙසෙවරී රටක් වූ ශ‍්‍රී ලංකාවට එරෙහිව කි‍්‍රයාකරන බවය. එය එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තියට එරෙහි කි‍්‍රයාවක් බවත් එම පැමිණිල්ලේ සඳහන් වන බව විධායක සභාවේ මහ ලේකම් යසස් ධර්මදාස මහතා පැවැසීය.

ශවේන්ද්‍ර සිල්වා හමුදාපති ලෙස පත්කිරීම ගැන මානව හිමිකම් කොමසාරිස්වරිය එරෙහිවී ඇති බවත් ඇයට රටෙක හමුදාපති පත්කිරීම ගැන ප‍්‍රකාශයක් කිරීමට හිමිකමන් නැති බවත් එම පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

මෙම පැමිණිල්ලේ තවදුරටත් දන්වා ඇත්තේ ඇයට එරෙහිව කි‍්‍රයාකරන ලෙසයි.

ගෝලීය ශ‍්‍රී ලංකා සංසදයේ විධායක මණ්ඩලයේ අජන්ත පේ‍්‍රමරත්න රනිල් ජයනෙත්ති, යසස් ධර්මදාස සහ නුවන් බෙල්ලන්තුඩාව යන මහත්වරු එම පැමිණිල්ලට අත්සන් කර ඇත.

මේ අතර කොළඹ ආරක්‍ෂක සමුළුවේ විශේෂ ආරාධිතයකු ලෙස මෙරටට පැමිණි ඉන්දීය සාම හමුදාවේ විශ‍්‍රාමික මේජර් ජනරල් අශෝක් මෙහෙතා හමුදාපතිට පමණක් නොව හමුදාවටද නව රජයක් යටතේ යුද අපරාධ චෝදනා විමර්ශය කළ යුතු යැයි පවසා ඇත.

එහිදී රජය එම විමර්ශන කටයුතු සඳහා විදේශ මැදිහත්වීමක් අවශ්‍යද යන්න ගැන තීරණය කළ යුතු බවද ඔහු කියා සිටියේය.

ද්‍රවිඩ ජන සමූහය දිනාගැනීමට නම් ඔවුන්ට යුක්තිය ලබාදිය යුතු බව පවසන අශෝක් මෙහෙතා සංක‍්‍රාන්ති යුක්තිය ඉටුකිරීමට ශ‍්‍රී ලංකා රජය අනුගමනය කළ යුතු යැයි පැවැසීය.

රජය ජාත්‍යන්තර නීතියට ගරු කළ යුතු බවත් ඒ අනුව මානව හිමිකම් උල්ලංඝණය කළවුන් නීතිය හමුවට ගෙන ආ යුතු යැයි ඔවුහු තවදුරටත් පවසා ඇත. මෙලෙස ශ‍්‍රී ලංකා හමුදාවට යුද අපරාධ චෝදනා එල්ල කරන මෙහෙතා කවුද? ඔහුද යුද අපරාධකරුවෙකි.

1987 ඔක්තෝම්බර් 21 සහ 22 දෙදින තුළ අශෝක් මෙහෙතාගේ සාම හමුදා භටයන් යාපනය රෝහලට කඩා වැදී සිදුකළ වෙඩිතැබීමේදී වෛiවරු හෙදියන් ඇතුළු

රෝගීන් 60 කට අධික සංඛ්‍යාවක් ඝාතනය විය. Jaffna Hospital Masscarc

මේ ගැන ඉන්දීය සාම හමුදාව පැවසුවේ රෝහලේ පිරිස මරුමුවට පත්වූයේ වෙඩි හුවමාරුවකට මැදිවී බවයි.

එහෙත් මෙම ඝාතනය යුද අපරාධ නොවේද? රජීව් ගාන්ධි රජය මේ ගැන පරීක්‍ෂණයක් පවා පැවැත්වූයේ නැත. මේ තත්ත්වය මත ඉන්දීය විශ‍්‍රාමික ජනරාල් වරයා ශ‍්‍රී ලංකාවේ හමුදාවට එල්ල කර ඇත්තේ තහවුරු නොවූ කොටි ඩයස්පෝරාව එල්ල කරන යුද අපරාධ චෝදනායි.

ශ‍්‍රී ලංකා හමුදාවේ බලධාරීන් ආරක්‍ෂක සමුළුවලට ගෙන්වන්නේ මෙවැනි සතුරන්ද? ආරක්‍ෂක බලධාරීන් තවමත් සතුරන් මිතුරන් කවුදැයි තේරුම්ගෙන නැත. අශෝක් මෙහෙතාගේ මේ ප‍්‍රකාශය ඉතාමත්ම බරපතලය. මේ සම්බන්ධයෙන් කිසිදු හමුදා බලධාරියෙක් මේ දක්වාම විරෝධය දක්වා නොමැත.

Divaina



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More