දේශීය පුවත්

එ.ජා.පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂකයා ගැන මෙම සති අන්තයේදී අවසන් තීන්දුව ගැනීමට රනිල් හිතවාදීන් සජිත් හිතවාදීන් මෙන්ම හවුල්කාර ප්‍රධානීන් ද සැලසුම් කර තිබේ.

පසුගියදා අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ නිවසේදී මංගල සමරවීර, මලික් හා රාජිත සේනාරත්න යන අමාත්‍යවරු මේ ගැන මූලික එකඟත්වයට පත්වූහ. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ඒ බව දැනුම් දීමට ද තීන්දු වී තිබේ.
එහෙත් රනිල් වික්‍රමසිංහ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා යන දෙදෙනාම ජනපති තරගයට ඉදිරිපත් වන බව ප්‍රකාශ කර ඇති නිසා එ.ජා.ප කෘත්‍යාධිකාරී මණ්ඩලය කැඳවා පක්ෂ ව්‍යවස්ථාව අනුව අපේක්ෂකයා තෝරාගන්නා බව රනිල් හිතවාදීන් ප්‍රකාශ කර ඇත. එහෙත් මෙයට ප්‍රතිවිරුද්ධ අදහසක් දරන සජිත් හිතවාදීන් ඒ ගැන කියන්නේ මන්ත්‍රී කණ්ඩායම හා කෘත්‍යාධිකාරිය දෙකම එක්ව පොදු තීන්දුවක් ගත යුතු බවයි. ඒ ගැන ඇති මතගැටුම නිරාකරණය කිරීම රාජිත සේනාරත්න, මලික් සමරවික්‍රම, මංගල සමරවීර හා දිනේෂ් වීරක්කොඩි යන මහත්වරැන්ට පවරා ඇතැයි එ.ජා.ප ආරංචි මාර්ග කියයි.

මෙම කටයුතු සිදු කෙරෙන අතර එ.ජා.පය ප්‍රමුඛ නව සන්ධානය වන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ වෙනුවෙන් සකසන ව්‍යවස්ථාවේ අවසන් කෙටුම්පතට පක්ෂ නායකයන්ගේ අනුමැතිය ලබාගැනීමේ කටයුතු සිදු කෙරෙමින් පවතී.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැන්වීම අනුව එ.ජා.ප. අපේක්ෂකත්වය සම්බන්ධ ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා සජිත් ප්‍රේමදාස නියෝජ්‍ය නායකයා මේ සෙනසුරාදා දෙමළ ප්‍රගතිශීලී සන්ධාන නායකයන් වන මනෝ ගනේෂන් හා පී. දිගම්බරම් යන අමාත්‍යවරු හමුවෙති.  ඉරිදා (අද දිනයේ) නැවතත් දෙමළ ජාතික සන්ධාන ප්‍රධානීන් වන සම්පන්දන්, සුමන්තිරන් හා මාවෙයි සේනාධිරාජා ඇතුළු මන්ත්‍රීන් හමුවීමට සැලසුම් කර ඇත. ඒ අතර සෙනසුරාදා සහ ඉරිදා දෙදින සෙසු මුස්ලිම් පක්ෂ ප්‍රධානීහුද හමුවෙති.

අප වෙත ලැබුණ තවත් විශේෂ වාර්තාවකින් කියැවුණේ පසුගියදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උතුරට ගිය අවස්ථාවේ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා සමඟ මේ ගැන පැය තුනක පමණ විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බවය. එහිදී සාකච්ඡා වූ කරුණු තමන්ට වාර්තා කරන්නැයි දැනටමත් දෙමළ සන්ධාන නායක සම්පන්දන් මහතා සුමන්තිරන් මන්ත්‍රීවරයාට දන්වා ඇත. කෙසේ වෙතත් එ.ජා.ප. අපේකයාත් අද හෙටම නම් කරන බව අමාත්‍ය රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා කීය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More