දේශීය පුවත්

ඉදිරි ජනාධිපතිවරණය සඳහා දෙමළ ජාතික සන්ධානයේ සහාය අපේක්ෂා කරන ප්‍රධාන පක්ෂ උතුරේ අර්බුදය සම්බන්ධව ලබා දෙන විසඳුම ලිඛිතව තම පක්ෂයට ලබා දිය යුතු බවට දෙමළ සන්ධානය තීන්දු කර තිබේ.

දැනටමත් දෙමළ සන්ධානය ජනාධිපතිවරණය සම්බන්ධව එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ මහතා සමඟත් නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟත් සාකච්ඡා කර තිබේ.

ඉක්මනින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) සමඟත් සාකච්ඡාවක් සංවිධානය කෙරෙමින් පවතී. මේ කවර පක්ෂයක් හෝ අපේක්ෂකයකු සමඟ එකඟතාවකට පත් වීමට පෙර ඔවුන් උතුරේ ප්‍රශ්නයට ලබාදෙන විසඳුම කුමක්ද යන්න ලිඛිතවම තම පක්ෂයට දැන්විය යුතු බව ඔවුන්ගේ පූර්ව කොන්දේසියක් බව දෙමළ සන්ධාන ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට කීය.

එය දැනටමත් එ.ජා.ප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට දන්වා ඇති අතර ඉදිරියේදී පොහොට්ටුවට දන්වන බව හෙතෙම වැඩිදුරටත් කීය. ඒ අතර ජ.වි.පෙ නායකයා සමඟ ද දෙමළ සන්ධානය සාකච්ඡා කිරීමට තීන්දු කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More