ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා විමර්ශනයට ජාත්‍යන්තර විනිසුරුවන් නීතිවේදීන් සහ පරීක්‍ෂකවරුන් අවශ්‍ය බව එක්‌සත් ජාතීන්ගේ විමර්ශන කණ්‌ඩායම ඊයේ (13දා) ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත සිය පිටු 88 ක වාර්තාව ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත.
මෙම විමර්ශන වාර්තාවෙන් ගල ගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනපති සමාව ලැබීමත් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ඇප ලැබීමත් හමුදාපති ලෙස ශවේන්ද්‍ර සිල්වා පත් කිරීමත් ගැන ප්‍රශ්න කර තිබේ.
ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක හමුදාව අතුරුදන් වූවන්ට අදාළ නඩුවලට මැදිහත් වන බවට චෝදනා න`ගන එම එක්‌සත් ජාතීන්ගේ වාර්තාව අතුරුදන් වූවන්ගේ ඥාතීන් හිරිහැර කිරීම්වලට ලක්‌වන බවද කියා සිටී.
ශ්‍රී ලංකා රජය යුද අපරාධ ගැන සෙවීමට අධිකරණ යාන්ත්‍රණයක් හෝ සත්‍ය සෙවීමේ කොමිසමක් ස්‌ථාපිත කර නැතැයිද එකී වාර්තාවේ තවදුරටත් දක්‌වා තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...