දේශීය පුවත්

ඇමැති සජිත් ප්‍රේමදාස මහතා හා එක්‌සත් ජාතික පෙරමුණේ සුළු පක්‍ෂ නායකයන් අතර සුවිශේෂී හමුවක්‌ අද (14 දා) පැවැත්වේ.

ජනාධිපති ධුර අපේක්‍ෂකත්වය ලබාගැනීම සඳහා සහයෝගය ලබාගැනීමේ අපේක්‍ෂාවෙන් සජිත් ප්‍රේමදාස මහතා සුළු පක්‍ෂ නායකයන් හමුවෙනු ඇත. පසුගිය අඟහරුවාදා රාත්‍රියේ අගමැති රනිල් වික්‍රමසිංහ හා ඇමැති සජිත් ප්‍රේමදාස යන මහත්වරු අතර ඉදිරි ජනාධිපති ධුර අපේක්‍ෂකත්වය සම්බන්ධයෙන් සාකච්ඡාවක්‌ පැවැත්වුණු අතර එහිදී අගමැතිවරයා ඇමැති සජිත් ප්‍රේමදාස මහතාට ප්‍රකාශ කර තිබුණේ ජනාධිපති ධුර අපේක්‍ෂකත්වය බලාපොරොත්තු වන්නේ නම් සුළු පක්‍ෂවල සහයෝගය ලබාගන්නා ලෙසයි.

ඇමැති සජිත් ප්‍රේමදාස මහතා හා සුළු පක්‍ෂ නායකයන් අතර හමුව අද දින පැවැත්වෙන්නේ කොතැනද කොයි වෙලාවෙද යන්න අනාවරණය වී නොතිබිණි.

මේ අතර ඊයේ මාධ්‍ය ඇමතූ ඇමැති අජිත් පී. පෙරේරා මහතා ප්‍රකාශ කළේ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට කෘත්‍යාධිකාරි මණ්‌ඩලයේ බලයක්‌ නොමැති බවට ඇතැමුන් වැරදි මත ගෙනියන බවයි.

ඉදිරි ජනාධිපති ධුර අපේක්‍ෂකයා ලෙස ඇමැති සජිත් ප්‍රේමදාස මහතාට සුළු පක්‍ෂ වල සහයෝගයද මේ වනවිට පළවෙමින් තිබෙන බවද සඳහන් කළේය.

මේ අතර ඊයේ නිකවැරටියේ පැවැති රැස්‌වීමක්‌ අමතමින් ඇමැති සජිත් ප්‍රේමදාස මහතා ප්‍ර්‍රකාශ කළේ අටුවම් බැහැපු මතවල නොසිට එක්‌සත් ජාතික පක්‍ෂය අලුත් ගමනක්‌ යැමට සූදානම් විය යුතු බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More