දේශීය පුවත්

ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ඇතැම් මන්ත්‍රීවරුන් සිදුකරන ප්‍රකාශ ඉදිරියේදී බිහිකිරිමට නියමිත විපක්ෂයේ පොදු සන්ධානයට බාධාවක් බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා පවසයි.

හම්බන්තොටදී මාධ්‍ය වෙත අදහස් පලකරමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස බොහෝ විවෘත ලෙස සාකච්ඡා පවත්වා ගෙන යන බවත් පැවසු මන්ත්‍රීවරයා එම සාකච්ඡා සාර්ථක කර ගැනීමට බලාපොරොත්තු වන බවත් ඒවා සාර්ථක වුවහොත් පොදු ජන පෙරමුණ සමඟ එකඟත්වයෙන් මැතිවරණ ව්‍යාපාරය සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් පැවසීය.

රනිල් හෝ සජිත් සමඟ කිසි විටෙකත් එක්සත් ජාතික පක්ෂය සමඟ ගමනක් යෑමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය කිසිදු සුදානමක් නොමැති බවද කියා සිටියේය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමඟ දැනට සාකච්ඡා සිදු කරන බවත්, කිසි විටෙකත් තනතුරු හා වරප්‍රසාද ගැන ඉල්ලීමක් හෝ සාකච්ඡාවක් කර නොමැති බවත් පැවසු අමරවීර මහතා, ප්‍රධාන කරුණක් ලෙස පක්ෂයේ අනන්‍යතාවය රැක ගන්නා වැඩ පිළිවෙලක් ගැන කථා කර බවත් පැවසීය.

එම කරුණුවලට එකඟතාවය පළ වු විගස මැතිවරණයට ප්‍රවිශ්ඨ වීමට සුදානම් බවත් කියා සිටි මන්ත්‍රීවරයා, අපේක්ෂකයින් තෝරා ගැනීමට මේවා බාධාවක් නොවන බවත් කියා සිටියේය.

සමහර පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ කථා මෙම සාකච්ඡාවලට ගැටළුවක් බවත් පැවසු මන්ත්‍රීවරයා එවැනි කථා නවත්වමින් වගකීමෙන් කටයුතු කරමින් ජයග්‍රහණයක් ගැනීම පමණක් කළ යුතුව ඇතැයිද පැවසීය.

ප්‍රකාශ නිකුත් කරමින් අනෙක් පැත්ත දිනවීමට කටයුතු කරනවාද යන්න පිළිබඳව සැකයක් ඇති බවත් පැවසු මන්ත්‍රීවරයා, මේ දිනවන්න සුදානම් වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරයෙක් හෝ අගමැතිවරයෙක් නොවන බවත් කියා සිටියේය.

එනිසා වගකීමෙන් හා සන්වේදීව පොහොට්ටුවේ අය කථා කළ යුතු බවත් එසේ නොමැති නම් පරාජයේ වගකීම ඔවුන් බාරගත යුතු බවත් අමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More