ව්‍යාපාරික පුවත්

කිරිපිටි සමාගම් විසින් කිරිපිටි ආනයනය ඊයේ (12 දා) සිට නතර කර දමා තිබේ.  කිරිපිටි මිල ඉහළ දැමීමට රජය අවසර ලබා නොදීමට විරෝධය පළ කර මෙම තීරණය ගෙන තිබේ.

කිරිපිටි කිලෝව රුපියල් පනහකින් ද ග‍්‍රෑම් 400 පැකට්ටුව රුපියල් 20 කින් ද ඉහළ දැමීමට පාරිභෝගික කටයුතු අධිකාරියේ අවසරය ලැබුණු නමුත් රජයේ ජීවන වියදම් කමිටුව එය ක‍්‍රියාත්මක නොකරන බව කිරිපිටි සමාගම් පවසයි.

මේ නිසා දැනට වෙළෙඳපොළේ ඇති කිරිපිටි තොග අවසන් වූ පසු කිරිපිටි හිඟයක් ඇතිවන බව ද එම සමාගම් පවසයි.

ලෝක වෙළෙඳපොළේ කිරිපිටි මෙටි‍්‍රක් ටොන් එකක් ඇමෙරිකානු ඩොලර් 3200 – 3300 ත් අතර වන බව ද රජය විවිධ බදු ලෙස කිරිපිටි කිලෝවකට රුපියල් 180 ක් අයකරන බව ද මේ නිසා කිරිපිටි කර්මාන්තය වර්තමාන මිල ගණන් යටතේ පවත්වාගෙන යා නොහැකි බව ද කිරිපිටි සමාගම් කියා සිටී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More