ව්‍යාපාරික පුවත්

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් ශ්‍රී ලංකාවේ සිදු වූ ඌනතා මැඩපවත්වාගනිමින් ත්‍රස්තවාදය වැළැක්වීමට එරෙහි ක්‍රියාමාර්ග සඳහා ජපන් යෙන් බිලියන 1ක (රුපියල් බිලියන 1.6ක) අත්‍යවශ්‍ය උපකරණ තොගයක් ශ්‍රී ලංකාවට ප්‍රදානය කිරීමට ජපාන රජය තීරණය කර තිබේ.

මුදල් අමාත්‍යංශයේ ලේකම් ආර්. එච්.එස්. සමරතුංග මහතා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිර සුගියාමා මහතා විසින් ශ්‍රී ලංකාව සහ චීන රජය වෙනුවෙන් මෙම ගිවිසුම සඳහා අද(12) මුදල් අමාත්‍යංශයේදී අත්සන් තබන ලදී.

ජපන් රජය යටතේ, ‘ව්‍යාපෘති නොවන’ ප්‍රදානයක් වශයෙන් මෙම උපකරණ පිරිනැමෙන බව මුදල් අමාත්‍යංශය පවසයි.

ශ්‍රී ලංකාවේ ත්‍රස්ත ක්‍රියාකාරකම් මැඩලීමට අවශ්‍ය දිරිගැන්වීම් සපයමින් ශ්‍රී ලංකා පොලිසිය, ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමෙහි කාර්ය ධාරිතාව ශක්තිමත් කිරීම සඳහා මෙම උපකරණ  පිරිනැමේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More