දේශීය පුවත්

ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමේ අර්බුදයකට මුහුණදී සිටින එජාප නායක, අගමැති රනිල් වික්‍රමසිංහ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර ගැනීම සඳහා මේවනවිට බලවත් උත්සාහයක යෙදී සිටියි.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කර ඇති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ පසුගියදා ජනතා විමුක්ති පෙරමුණෙන් ඉල්ලීමක් කර තිබු අතර ඊට ප්‍රතිචාර දක්වමින් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපති ක්‍රමය ඉවත් කිරීමේ සංශෝධනයක් අවශ්‍ය නම් ආණ්ඩුව පාර්ශවයෙන් ගෙනෙන ලෙසත් ඊට සිය පක්ෂයේ සහය ලබා දිය හැකි බවත්ය.

රනිල් වික්‍රමසිංහ ජවිපෙට මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ අගෝස්තු 26 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවී ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවට සහය ඉල්ලා සිටීමෙන් පසුවය. එම හමුවට අගමැතිවරයා සමග අමාත්‍ය රවී කරුණානායකද සහභාගි වී තිබිණ.

ආශු හරහා දැමු යෝජනාව !

අගමැතිගේ මාධ්‍ය ඒකකය විසින් ඊයේ සංවිධානය කර තිබු මාධ්‍ය හමුවක දී රනිල් වික්‍රමසිංහගේ අනුගාමිකයකු වන ආචාර්ය ආශු මාරසිංහ පැවසුයේ, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ඉදිරි සති කිහිපය වුවද ප්‍රමාණවත් බවයි.

එහිදී ඔහු මෙසේ පැවසිය.

”පසුගිය දිනෙක රූපවාහිනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යංශයට පවරා ගත්තා. මේ රූපවාහිනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යංශයට පවරා ගැනීම අපි දැඩි සේ හෙලා දකිනවා. ඒ හරහාත් අපි කල්පනා කරන්නේ මේ විධායක ජනාධිපති ක්‍රමයේ තියෙන අනිසි බලතල ගැන.

ඒක තමයි මේ රටට තියෙන එක ප්‍රශ්නයක්. ඔබ දන්නවා විධායක ජනාධිපතිවරයා හැටියට ගත්ත යම් යම් තීරණ නිසා මේ රටේ විවිධ ප්‍රශ්න පැන නැඟුනා. ඔක්තෝම්බර් 26 ඒ සිද්ධ වෙච්ච ප්‍රජාතන්ත්‍රවිරෝධී ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණය හරහා මුළු රටම දැනගත්තා මේ විධායක ජනාධිපති ක්‍රමයේ තියෙන අනිසි ප්‍රතිවිපාක.

ඒ නිසා තමයි අපි 2015 ජනාධිපතිවරණ අවස්ථාවේදී ප්‍රකාශ කරේ මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි වෙලා රටේ ඇත්තටම ජනතාවට වග කියන පාර්ලිමේන්තුවක් බිහිවෙයි කියන කාරණය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More