දේශීය පුවත්

ත‍්‍රස්තවාදී තර්ජනයක් පිළිබඳව තොරතුරු වාර්තාවීම නිසා ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ පාකිස්තානු තරග සංචාරයට පෙර එහි වත්මන් ආරක්‍ෂක තත්ත්වය යළි සලකා බලන ලෙස රජය කි‍්‍රකට් ආයතනයට ඊයේ (11දා) උපදෙස් ලබාදී ඇත.

අදාළ අනතුරු ඇඟවීම නිසා පාකිස්තානයේ ආරක්‍ෂක තත්ත්වය පිළිබඳව යළි තක්සේරුවක් ලබාගැනීමට අදහස් කරන බව ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටී.

පාකිස්තානයේ ආරක්‍ෂිත තත්ත්වය පිළිබඳව අනතුරු ඇඟවීම අගමැති කාර්යාලය හරහා ලැබුණු බවද ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කර සිටී.

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන සංචාරයේදී ශ‍්‍රී ලංකා කණ්ඩායමට සැපයෙන ආරක්ෂාව පිළිබඳ ක‍්‍රීඩකයන් දැනුවත් කිරීම සඳහා විශේෂ සාකච්ඡුාවක් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේදී පසුගිය දා පැවැත්වුණි.

එහිදී ලසිත් මාලිංග, ඇන්ජලෝ මැතීව්ස්, දිමුත් කරුණාරත්න, දිනේෂ් චන්දිමාල්, තිසර පෙරේරා, කුසල් ජනිත් පෙරේරා, අකිල ධනංජය, සුරංග ලක්මාල්, ධනංජය ද සිල්වා සහ නිරෝෂන් දික්වැල්ල යන ක‍්‍රීඩකයන් පාකිස්තාන සංචාරයට එක්වීම සඳහා අකමැත්ත පළ කළ බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබිණි.

ශ‍්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයේදී එක්දින තරග 3කට සහ විස්සයි විස්ස තරග 3කට ක‍්‍රීඩා කිරීමට නියමිතව ඇති අතර තරගාවලිය සැප්තැම්බර් මස 27 වැනිදා ආරම්භවීමට නියමිතය.

2009 වසරේදී ද පකිස්තානයේ සංචාරයක නිරතවූ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම එරට ලාහෝර් නුවරදී ත‍්‍රස්ත ප‍්‍රහාරයකට ගොදුරු විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More