දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක තේරීම කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී සිදුවිය යුතු බවත් ඊට පෙර ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණට සහාය ලබාදෙන සහා සහය ලබාදීමට බලාපොරොත්තු වන පක්ෂ හා කණ්ඩායම් සමග සාකච්ඡා කර ජනාධිපති අපේක්ෂකත්වය සඳහා සහාය ලබා ගැනීමට ක්‍රියා කළ යුතු බව අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

මේ අනුව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට වඩා වැඩි අවධානයක් ජනාධිපති අපේක්ෂක තේරීම සම්බන්ධයෙන් පක්ෂයේ ව්‍යවස්ථාව අනුව එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට හිමි වී ඇත. එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ බහුතරය හිමිව ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාටය. ඊයේ රාත්‍රී අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අතර පැවැති සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වූ අතර අද දහවල් රාජිත සේනාරත්ත අමාත්‍යවරයාගේ නිවසේදී ද විශේෂ කතාවක් පැවතුණි. ඒ සඳහා සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය වෙනුවෙන් මංගල සමරවිර කබීර් හෂීම් රංජිත් මද්දුමබණ්ඩාර අමාත්‍යවරු පැමිණ සිටියහ. නමුත් එම රැස්වීමේදී ද එකඟතාවයකට පැමිණීමට නොහැකි වී එය අවසන් වී ඇති බවද වාර්තා වේ.

කෙසේ නමුත් එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වන්නේ ඉදිරි දින දෙක තුන ඇතුළත අනිවාර්යෙන්ම එක්සත් ජාතික පක්ෂය ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමට නියමිත බවයී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More