දේශීය පුවත්

ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා ජාතික රුපවාහිනිය ආරක්ෂක අමාත්‍යංශය වෙත පවරා ගනු ලැබුවේ ජාතික රූපවාහිනියේ අනාගත පැවැත්ම වගේම අස්ථාවරත්වය නැති කිරීම සඳහා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පවසයි.

ඊයේ (10) පැවති මාධ්‍ය හමුවකදී ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් කල මන්ත්‍රීවරයා මෙසේද සඳහන් කළේය.

”ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරාගෙන තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් මීට අදාළ අති විශේෂ ගැසට් පත්‍රය ඊයේ නිකුත් කරනු ලැබුවා. ගැසට් පත්‍රය නිකුත් කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43 (1) ව්‍යවස්ථාවට හා 46 (1) (ආ) වැනි ව්‍යවස්ථාවට අනුකූලවයි. මෙම පවරා ගැනීම පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙනවා.”

මේ අතර ජනමාධ්‍ය කැබිනට් නොවන රුවන් විජේවර්ධන මහතා මෙම පවරා ගැනීම සම්බන්ධ ට්විටර් නිවේදනයක් පෙරේදා රාත්‍රියේ නිකුත් කර තිබු අතර එහි මෙසේ සඳහන් විය.

”පාඩු ලබන ජාතික රූපවාහිනිය පවත්වාගෙන යාමට භාණ්ඩාරය මගින් ජනතාවගේ බදු මුදල් රුපියල් කෝටි හතරක් මාසිකව වැය කරයි.  මෙයට විසඳුමක් ලෙස මා විසින් සිදුකිරීමට යෙදුනු කළමණාකාර වෙනසට ජනපති විසින් දිගින් දිගටම බාදා කරන ලදී. මෙහි අවසන් ජවනිකාව වූයේ ජනපති අත්තනෝමතික ලෙස රූපවාහිනිය පවරා ගැනීමයි.”

මේ අතර කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර එම ට්විටර් පණිවිඩය හා රූපවාහිනිය පවරා ගැනීමට අදාළ කරුණු පැහැදිළි කරමින් මෙසේ සඳහන් කළේය.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගැනේ…#DAYASIRIJAYASEKARA #Dayasiri #SLFP

Gepostet von Dayasiri Jayasekara am Dienstag, 10. September 2019



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More