මුහුණු පොතෙන්

මේ දිනවල ක්‍රියාත්මක කරනු ලබන ‘දියකාවා යුද අභ්‍යාසය අදියර X – 2019’ ඒකාබද්ධ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසයේ තවත් මෙහෙයුමක් 10 දින රුසියානු නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු 1 වන විශේෂ බලකා රෙජිමේන්තුවේ සන්නද්ධ යතුරුපැදිකරුවන්ගේ සහභාගීත්වයෙන් බෝම්බ නිෂ්පාදනය කරන ස්ථානයකට කඩාවැදී ත්‍රස්තවාදීන්ට අයත් බෝම්බ, පතුරොම් ඇතුළු අවිආයුධ තොගයක් අත්අඩංගුවට ගැනීමට සමත්වූහ.

නාගරික සටන් කුසලතා සහ සෙබළුන් සතුව ඇති සටන් හැකියාව මනාව පෙන්වමින්, පුල්මුඩේ නගර මධ්‍යයේ පිහිටි දෙමහල් ගොඩනැගිලි සංකීර්ණයේ පළමු මහලේ දෘඩාංග වෙළඳ සැලක් ලෙස ත්‍රස්තවාදීන් කණ්ඩායමක් විසින් රහසිගතව පවත්වාගෙන ගිය බෝම්බ නිෂ්පාදනය කරනු ලබන ස්ථානයක් එම පුහුණු මෙහෙයුම දියත් කළ භටපිරිස් විසින් සාර්ථකව වටලනු ලැබීය.

ඉන් අනතුරුව, සිවිල් වැසියන්ට හෝ කිසිදු දේපලකට හානියක් නොවන පරිදී සියලුම ත්‍රස්තවාදීන් සහ පුපුරණ ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීමට භටපිරිස් සමත්වූහ.

එමෙන්ම, දියකාවා යුද අභ්‍යාසයේ තවත් පුහුණු මෙහෙයුමක් ඉකුත් සඳුදා (9) දින උදෑසන ත්‍රිකුණාමලයේ දී දියත් කරනු ලැබූ අතර එම පුහුණු මෙහෙයුමේදී ත්‍රිකුණාමලයේ පිහිටි ඉන්දීය තෙල් සංස්ථා සංකීර්ණයේ ත්‍රස්තවාදීන් විසින් අත්පත් කරගෙන තිබු තෙල් ටැංකි නැවත මුදාගැනීමේ පුහුණු මෙහෙයුමක් භටපිරිස් විසින් සාර්ථකව දියත් කරන ලදී.

එම අවස්ථාව සඳහා 2 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ භටපිරිස් හෙලිකොප්ටරයක සිට කේබල් ආධාරයෙන් ආදාල ස්ථානයට ලඟ වූ අතර අනෙකුත් සෙබළුන් මුහුදු මාර්ගයෙන් තෙල් සංස්ථා සංකීර්ණයට ඇතුළු වී එහි සිට ත්‍රස්තවාදීන් වෙත නැවැරදිව ප්‍රහාරයන් එල්ල කරමින් සාර්ථකව මෙම පුහුණු මෙහෙයුම දියත් කළහ. මෙම මෙහෙයුම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ බෝට්ටු බලඝණය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ එම්අයි -17 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් යොදාගනු ලැබීය.

ත්‍රස්තවාදීන් සමඟ ඇති වූ ගැටුම්වලින් අනතුරුව, භටපිරිස් තම ස්ථාවරය තහවුරු කරගත් අතර එහිදී සිවිල් වැසියන්ට හෝ දේපලවලට කිසිදු හානියක් නොමැතිව තෙල් සංකීර්ණය අත්පත් කරගැනීමට භටපිරිස් සමත්වූහ.

ත්‍රස්තවාදීන් විසින් පොල්ගොල්ල ප්‍රදේශයේ පිහිටි වික්ටෝරියා වේල්ල දිගේ පුපුරණ ද්‍රව්‍ය සවිකර පුපුරුවා හැරීමට සූදානම් වී ඇති බවට බුද්ධි අංශ වෙත ලද තොරතුරුකට අනුව ඉකුත් ඉරිදා (08) දින වික්ටෝරියා වේල්ල මුදාගැනීමේ පුහුණු මෙහෙයුමක් සාර්ථකව දියත් කරන ලදී. ත්‍රස්තවාදීන් විසින් සිදුකිරීමට අපේක්ෂිත විනාශය නතර කිරිම සඳහා එම ත්‍රස්තවාදීන් එහිදි කප්පම් ද ඉල්ලා සිටියහ.

අනාගත ආරක්‍ෂක අභියෝගයන් පිළිබඳව වැඩිදුර අධ්‍යයනය කිරීමේ අරමුණින් කමාන්ඩෝ රෙජිමේන්තු භටපිරිස් මෙම ගලවා ගැනීමේ පුහුණු මෙහෙයුම ප්‍රථම වරට සිදුකරනු ලැබීය. ඒ සඳහා සහභාගිවූ කමාන්ඩෝ භටයින් ඔවුන්ගේ ස්නයිපර් කුසලතා, හෙලිකොප්ටරයක සිට කේබල් ආධාරයෙන් ආදාල ස්ථානයට ලඟාවිය නිපුණතාවයන් සහ කිමිදුම් සටන් කුසලතාවයන් පොල්ගොල්ලේ දී දියත් කරනු ලැබූ මෙම පුහුණු මෙහෙයුමේදී මැනවින් භාවිතා කළහ. මෙම පුහුණු අභ්‍යාසයේ තවත් වැදගත් සන්ධිස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට වික්ටෝරියා වේල්ලේ දී දියත් කරනු ලැබු ඩබ්ලිව්.එම්.ඊසඩ් වර්ගයේ (WMZ Mechanized Infantry Vehicles) සන්නද්ධ රථ ද මෙම මෙහෙයුම සඳහා භාවිතා කරනු ලැබීය.

මෙම මෙහෙයුමේදී, ශ්‍රී ලංකා නාවික හමුදාව ජලාශ මාර්ගයෙන් පැමිණෙන ත්‍රස්තවාදී කණ්ඩායම්ට එරෙහිව ප්‍රහාර එල්ල කිරීමට මෙන්ම ජීවිතාරක්‍ෂක ආධාර සහ වෙනත් ආධාර සැපයීමට සහාය විය. තවද, බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටරයක සිට භටපිරිස් කේබල් ආධාරයෙන් ආදාල ස්ථානයට පතිත කරමින් ගුවන් හමුදාව මෙම පුහුණු මෙහෙයුමට සහාය විය.

මෙම පුහුණු අභ්‍යාසය නැරඹීම සඳහා ‘දියකාවා යුද අභ්‍යාසය – 2019’ හි අභ්‍යාස අධ්‍යක්‍ෂ මෙන්ම මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ, නියෝජ්‍ය අභ්‍යාස අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් කේ.ඒ. සමරසිරි, කමාන්ඩෝ බලසේනාවේ අභ්‍යාස අධ්‍යක්‍ෂ ලුතිනන් කර්නල් ටී.සී.එම්.ජි.එස්.ටී. කූරේ ඇතුළු නිලධාරීන් රැසක් සහභාගි වූහ.

– Army media



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More