මහනායක හිමිවරැන් ප්‍රමුක මැදගොඩ අභයතිස්ස හිමියන් හරහා තීනියාවල උපාලි හිමි ලගින් වතුර කදුළු ගෑස් කන අන්තරේ නව කැදවුම්කාර හිමි දක්වා සංඝරත්නයටය.
රුපියල් දහයේ චොකලට් දෙකක් කථා කරන්නේය.
ඒ චොකලට් දෙක අපට මහා කථාවක් කියන්නේය. බියක් සහ කලකිරීමක් අැති කරන්නේය.
බෞද්ධයා පට්ට තිරිසනෙක් වි ඇතිබව පෙනෙන්නේය.
මහ නායකලා දේශපාලන වහන්සේලාට පිරිත් නූල් බදින්නේය.
රට ජාතිය ගලවා නොයෙක් පැවිදි සංවිධාන මයික් ඉදිරියේ පෙනී ඉන්නේය.
ගෝඨාභය ගේන්න සජිත් ගේන්න රනිල් ගේන්න සමාජවාදය හදන්න පෙනී ඉන්නේය..
තම්බියා සිංහල ගෑණුන්ගේ මිරිකා වද කරනවාද තම්බියා සිංහලයට කෙලිනවාද බලන්න කථා කරන්න පෙනී ඉන්නේය.
ඒත් ……
මොකක්දෝ කරුමයකට ගිහි බෞද්ධ අපි අතින් වගේම
සාසණය රකින ඔබ වහන්සේලා අතිංද බෞද්ධාගම ගමේ පංසල චීවරය ගිලිහිලා බව කිව යුතුමය.
ඔය කම්මුල් පාරවල් ටික තම්බියෙක් හරි කැඩිච්ච සිංහලෙන් කථා කර කර දෙමළ එකෙක් අතිං වුනානම්
අද මහනායක පොඩිනායක අරනායක මේ නායක හැම කෙනාම සිවුර කරට ගන්න තම්බියා දෙමළා මරන්න කථා කරන්න තිබ්බාය.
නමුත් පර සිංහල බල්ලෙක්( දෙමළ මිනිහා අතිං එහෙම නොවුනද මුස්ලිම් මිනිහා තවම ඒකට බය බව දැනගත යුතුය) මෙහෙම කරපු නිසා සියල්ලන්ම ඒක සුළුවට ගනන් ගෙන තිබේ.
කොටින්ම මහනායකලගේ ඉදන් කාටවත් ඒක දැනෙන්නේවත් නැත.
රට හදන්න 2020 ජනාධිපතිලා පත් කරන්න පෙර අමාරුවෙන් බෞද්ධ සාසනයට සිවුරට එකතු කරන දරු පැටව් ලොකු වුනාම සිවුර ඇරලා යන තැනට පත් නොකල යුතුය.
බෞද්ධ කියන මහ සමාජයට වරෙව් තම්බි මරමු දෙමළා මරමු සාසනයට අත.තියන්න එන්න එපා යකෝ කීමට පෙර
සිංහල වෙලා මෙහෙම හැසිරෙන පාපතරයන් තියන්න ඕනෑ තැන ගැන සිතිය යුතුය.
පංසලේ පොඩි සාමනේරලාට දානය ගෙනියන විට පුංචි චොකලට්ටුවක් ටොපියක් ගෙනිහිං දීමෙන් විකාල භෝජනයට අනුබල දීම නිසා උපාසක අම්මලාට දිවිය ලෝකේ යන්න බැරි තරම් පවක් ලැබෙනවා නොසිතිය යුතුය
රැපියල් දහයේ චොකලට් දෙකක් හොරකම් කරන්න ඇත.
හද්දා පිටිසර පංසලේ ලොකු හාමුදුරුවන්ට පුංචි සමෙනේරයන්ට චොකලට් කවන්න බැරි තත්වයක් තියෙන්නත් පුළුවන.
මාළිගා වැනි පංසල් වල. පොමනේරියන් බල්ලන්ට චොකලට් කවනවාත් විය හැකිය
මේ කම්මුල් පාරවල් දිගේ මම දකින දේ නම්
ලංකාවේ බහුතරයක් හාමුදුරුවරැන්ට දේශපාලනය නිසා බෞද්ධාගම අත හැරී තිබේ.
ලංකාවේ බෞද්ධයා පට්ට තිරිසන් වී තිබේ.
එහෙම නැත්නම් ඊයේ ලංකාවේ මාධ්‍ය නාළිකා වල ප්‍රමුක පුවත ඒ රෑප රාමු ටිකය.
මේ රටේ ප්‍රමුක බෞද්ධ සංවිධාන සහ බෞද්ධයන් අද රටේ හැමතැනම විරෝධයන්ය.
මේ රටේ මහනායක හිමිවරු සිට අන්තරේ කැදවුම්කාර භික්ෂුන් වහන්සේ දක්වා පරාසයේ කසාවත් එක හඩින් යුක්තිය ඉල්ලා එක පිළකය.
සියල්ලන්ම නිහඩය. බොහෝ නිහඩය.
ඒ නිහඩතාවය තුළ අපේ තිරිසන්කම පෙන්වයි.
රැපියල් දහයේ චොකලට් දෙකකට
භික්ෂු,භික්ෂුනී උපාසක උපාසිකා යන සිවුවනක් පිරිසේ තිරිසන් කම පෙන්වා දීමට හැකිවී තිබේ.
යම් දවසක ඔබ විසින්
සුළු ජාතික කෙනෙක් චීවරයට ගැහුවා බැන්නා කියා පාරට වරෙං කියලා අඩගහන
භික්ෂුවකගෙන්
භික්ෂුණියකගෙන්
උපාසකයෙක්ගෙන්
උපාසිකාවගෙන් අහන්න .කෑ ගහලා අහන්න
…………………………………..( හිස්තැන පුරවා ගැනීම ඔබට අයිතිය)
…………..නුවන් මොණරවිළ ………………….
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...