දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අතර පැවැති සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන් වී තිබේ.

එම සාකච්ඡාව ඊයේ(11)  රාත්‍රී 09.30 ට පමණ අරලියගහ මන්දිරයේදී ආරම්භ වූ අතර එය රාත්‍රී 11.30 පමණ වන තෙක් පැවැත්වුණි.

එළඹෙන ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත් කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණයක් ගැනිම මෙම සාකච්ඡාවෙන් අරමුණ වී තිබුණි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර මෙම සාකච්ඡාව පසුගිය ඉරිදා දිනයේ පැවැත්වීමට නියමිතව තිබුණ ද පසුව එය ඊයේ දිනය දක්වා කල් දමනු ලැබුවේය.

තමා හා එක්සත් ජාතික පක්‍ෂ නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අතර සුබවාදී සාකච්ඡුාවක් පැවැති බවත් හෙතෙම ප‍්‍රකාශ කළේය.

ඉතා සුබවාදී සාකච්ඡුාවක් පැවැත්වුණු බව ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර මහතා ‘දිවයින’ට ප‍්‍රකාශ කළේය. මේ සාකච්ඡුා ඉදිරි දින දෙක තුන අතරත් පැවැත්වෙන බවද හෙතෙම කීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More