දේශීය පුවත්

සාපරාධී ක්‍රියාවන් රාශියකට සම්බන්ධ, ජාත්‍යන්තර පොලීසියේ රතු දත්ත ලේඛනයේ සඳහන් කසකස්තාන ජාතිකයකු අද (10) ශ්‍රී ලංකාවට ඇතුළු වීමට උත්සාහ කළ අවස්ථාවේ දී, ඔහු පැමිණි ගුවන් යානයෙන්ම ආපසු පිටුවහල් කිරීමට කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබේ.

බොටබායෙව් නූර්සාන් නැමැති මොහු 40 හැවිරිදි කසකස්තාන ජාතිකයෙකි. කසකස්තාන රජය මොහු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබීම හේතුවෙන් මොහු වසර 15 ක පමණ කාලයක සිට කසකස්තාන රාජ්‍යය වෙත නොගොස්, ඩුබායිහි සිය බිරිඳ සමග රැදී සිටින බවද පැවසේ.

මොහු අද උදෑසන 8.30 ට ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ ආගමන කවුළුව වෙත පැමිණ, මෙරටට ඇතුළුවීමට වීසා අවසර ලබා ගැනීම සදහා සිය ගමන් බලපත්‍රය, එහි රාජකාරියේ නියැලී සිටි ආගමන විගමන නිලධාරීවරයා වෙත භාර දී තිබේ. ගමන් බලපත්‍රය ආගමන විගමන ප්‍රත්‍යන්ත පාලන තොරතුරු පද්ධතියට ඇතුළත් කළ විට, මොහු මෙරටට ඇතුළත් කර ගැනීමට නුසුදුසු අනතුරුදායක පුද්ගලයෙකු ලෙස එහි සටහන්ව ඇති බව පෙන්නුම් කර තිබේ.

අනතුරුව වැඩිදුර පරීක්ෂණ සදහා මෙම පුද්ගලයා සහ ඔහුගේ ගුවන් ගමන් බලපත්‍රය කටුනායක ගුවන් තොටුපළ ප්‍රධාන ආගමන විගමන නිලධාරීවරයා වෙත යොමු කළ අතර, එහිදී අනාවරණය වූයේ මෙම බලපත්‍ර අංකය සහ නම ජාත්‍යන්තර පොලීසියට (Interpol ) අයත් රතු දත්ත පද්ධතියෙහි ද ඇතුළත්ව ඇති, කසකස්තානයේ සාපරාධී ක්‍රියාවන් රාශියකට සම්බන්ධ පුද්ගලයෙකු බවයි.

ඔහුගෙන් වැඩිදුර ප්‍රශ්න කරන විට ඔහු පවසා ඇත්තේ, තමන් ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණි බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More