දේශීය පුවත්

AAWAS International ආයතනය කෘත්‍රිම අත් හා පාද ඉතා ඉහළ තත්ත්වයෙන් යුතුව සහ නිර්මාණශීලී අන්දමින් මෙන්ම අත් සහ පාද නම්‍යශීලී ලෙස නිෂ්පාදනය කරනු ලබන ආයතනයකි.

කළුතර නාගොඩ යන ස්ථානයේ ද උතුරු පළාතේ යාපනය දිස්ත‍්‍රික්කයේ ද මේ වන විට සාර්ථකව පවත්වාගෙන යමින් දෑත් දෙපා අහිමි කුඩා දරුවන්,‍ රණවිරුවන්, සිවිල් වැසියන් හා දමිළ ජනතාව ඇතුළු 2000 අධික ආබාධිත වූවන්ට කෘත්‍රිම අත් හා පාද නිෂ්පාදනය කොට දෙපයින් නඟා සිටුවා ඇත.

ලංකාවේ අමුද්‍රව්‍ය යොදා ගනිමින් නිපදවනු ලබන මෙම කෘත්‍රිම අවයව මගින් එදිනෙදා කටයුතු සාමාන්‍ය පුදගලයකු මෙන් කර ගත හැකිය. එමෙන්ම ගවයින්, අලියන්, අශ්වයින් සහ බල්ලන් වැනි සතුන්ට ද කෘත්‍රිම අත් හා පාද නිෂ්පාදනය කරනු ලබයි.

සාර්ථක අන්දමින් මෙම ව්‍යාපාරය කරගෙන යනු ලබන AAWAAS International ආයතනයේ හිමිකරු අරුණ සමරවික්‍රම මහතා ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය මෙහෙය වූ සම්මාන උළෙලේ දී 2019 වසරේ විශිෂ්ටතම කර්මාන්තකරු කුඩා පරිමාණ නිෂ්පාදන අංශය යටතේ ජාතික කුසලතා සම්මානයෙන් පිදුම් ලැබීය.

2018 වසරේදී ද එම ආයතනය සමාජ සුබසිද්ධිය උදෙසා නව්‍ය ව්‍යාපාර නම් විශේෂ සම්මානයකින් ද ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය වෙතින් ඇගයීමට ද පාත‍්‍ර වු අතර ඒ මහතා දේශීය නිර්මාණකරුවකුගේ දේශීය කර්මාන්තයක් ලෙසින් සාර්ථක ගමනක නියැලෙමින් සිටියි.

ඉන්දියාව, කැම්බෝඩියාව, ජර්මනිය හා එංගලන්තය වැනි රටවල ආබාධිත උපකරණ හා උරෙනුර ගැටී ලෝකයට ගෙන යා හැකි ලාංකික නිමැවුමක් ලෙසින් ආනයනික ආබාධිත උපකරණ ගෙන්වීම සදහා විදේශය කරා ඇදි යන වීදේශ විනිමය ද යම් ප‍්‍රමාණයකට හෝ නවතාලමින් සෘජු හා වක‍්‍ර රැකියා අවස්ථාවන් 40 ඉක්ම වූ ප‍්‍රමාණයක් ලබා දෙමින් අරුණ සමරවික්‍රම මහතා මෙම ආයතනය පවත්වාගෙන යනු ලබයි.

චතුමී පිටිපන



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More