දේශීය පුවත්

ඉදිරි මැතිවරණ වලදී ෆේස් බුක් සමාජ ජාලය යොදා ගනිමින් වෛරී ප්‍රකාශ මෙන්ම මඩ ගැසීම් ආදී මැතිවරණ නීති උල්ලංඝණය කෙරෙන ආකාරයේ ක්‍රියාවන් සිදු වුවහොත් ඒ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියා මාර්ග ගැන මැතිවරණ කොමිසම සහ ෆේස් බුක් සමාජ ජාලයේ ඉන්දියානු සහ මෙරට ප්‍රධානීන් සමඟ විශේෂ සාකච්ඡාවක් ඊයේ (9) රාජගිරියේ පිහිටි මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ දී පවත්වා තිබේ.

ඒ සඳහා දිවයිනේ පිහිටි දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල 25 ම තොරතුරු තාක්ෂණ නිලධාරීන්ද සහභාගි වූ බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා දිනමිණ කළ විමසුමකදී සඳහන් කෙළේය.

සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් සමඟ පෙරේදා (8) ෆේස් බුක් ඇතුළු සමාජ ජාල මඟින් මැතිවරණ නීති උල්ලංඝණය වීම් වැලැක්වීමට ක්‍රියා කිරීම් ගැන දීර්ඝ ලෙස මැතිවරණ කොමිසම අදහස් හුවමාරු කරගත් බවද සමන් ශ්‍රී රත්නායක මහතා පැවැසීය.

ඉදිරියේදී මෙම සාකච්ඡා තවදුරටත් පුළුල්ව සිදු කරන බවත් මාධ්‍ය ආයතන ප්‍රධානීන්ද මුණ ගැසෙමින් විටෙන් විට ඒ සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගැනීමට කටයුතු කරන බවත් සමන් ශ්‍රී රත්නායක මහතා වැඩි දුරටත් සඳහන් කෙළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More