සජිත් ප්‍රේමදාස මහතා හැමෝම පාවා දී අවසානයේ දී රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවට පනිනු ඇතැයි කියා මා විශ්වාස කරන බව හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. අපේක්ෂකයා තෝරා ගැනීමට නොහැකිව එක්සත් ජාතික පක්ෂය සජිත් පැත්තකින් ගනිමින් සිටියදී තවත් පැත්තකින් මම එනවා යනුවෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කොන්ද කෙලින් තියාගෙන ප්‍රකාශයක් කරන බවද මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.
බය නැති වික්‍රමසිංහ මහතා එනවයි කියද්දි අනිත් එක්කෙනා නම් එන්නෙ නැහැ කියලා ප්‍රකාශ කර නොමැති බවත් එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර අර්බුදය ආණ්ඩුවට ද අහිතකර අන්දමින් බලපා තිබෙන බව ද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...