විදේශ පුවත්

චීන රජයේ පූර්ණ අනුග‍්‍රහය යටතේ ෂැන්හයි සහයෝගිතා සංවිධානය විසින් සංවිධානය කරනු ලබන ‘‘ යුරෝ ‐ ඒෂියා ඉකොනොමික්ස් ෆෝර්ම් ’’ හෙවත් යුරෝ ‐ ආසියා ආර්ථික සමුළුව චීනයේ ෂියෑන් නුවරදී අද (10) ආරම්භ කෙරේ.

චීන ජනාධිපති ෂී ජින් පින්ග් මහතාගේ උපදෙස් හා අධීක්ෂණය යටතේ 2005 වසරේ සිට දෙවසරකට වතාවක් පැවැත්වෙන මෙම යුරෝ ‐ ආසියා ආර්ථික සමුළුව මෙවර පැවැත්වෙනුයේ සත් වැනි වතාවටය.

සමුළුවේ සමාරම්භය චීන මහජන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ ප‍්‍රධාන සමාජිකයෙකුගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර ලෝකයේ ප‍්‍රධාන පෙලේ රටවල් කිහිපයක නියෝජිතයින් , පෞද්ගලික සමාගම් 500 ක නියෝජිතයින්ද මීට සහභාගී වෙති.

‘‘එක් තීරයක් ‐ එක් මාවතක් යන තේමාව යටතේ පැවැත්වෙන මෙම සමුළුවේදී ආසියාව හා යුරෝපා එකමුතුවේ රටවල් අතර සුහදත්වය වර්ධනය කර ගැනීමත් , ලෝකය ඉදිරියේ ඇති විවිධ අභියෝගයන් සාකච්ඡා කිරීම ප‍්‍රධාන අරමුණ වන්නේ යැයි එහි සංවිධායකයෝ කියා සිටිති.

යුරෝ ‐ ආසියා ආර්ථික සමුළුවේ ප‍්‍රධාන සමාරම්භක රැස්වීමට සමගාමීව ආර්ථික , සංස්කෘතික , සංචාරක , දේශගුණික , විද්‍යා හා තාක්ෂණ , අධ්‍යාපනික , පරිසර හිතකාමී බව ඇතුළු කාරණා 10 ක් සම්බන්ධ සමාන්තර සැසියන් පැවත්වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More