දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ සාකච්ඡාව අද (10) පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ අතර පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් (08) රාත්‍රියේ අග්‍රාමාත්‍යවරයා මුණ ගැසී ප්‍රකාශ කර තිබෙන්නේ සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති ධුර අපේක්ෂකත්වය ලබා නොදෙන්නේ නම් එය පාක්ෂිකයින් තුළ දැඩි විරෝධයකට හේතුවනු ඇති බවයි.

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණීම සඳහා පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර සෘජු සාකච්ඡාව හෙට පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ අතර පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ රාත්‍රියේ අග්‍රාමාත්‍යවරයා මුණ ගැසී මේ පිළිබඳව සාකච්ඡා කර තිබෙන අතර එහිදී ඔවුන් පෙන්වා දී ඇත්තේ ජනාධිපති ධුර අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබානොදෙන්නේ නම් එය පාක්ෂිකයින්ගේ දැඩි විරෝධයකට හේතුවිය හැකි බවයි.

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට ජනාධිපති ධුර අපේක්ෂකත්වය ලබාගැනීමෙන් පසු අග්‍රාමාත්‍ය ධුරය හා පක්ෂ නායකත්වය රනිල් වික්‍රමසිංහ මහතාටම පැවරීමටත්,පක්ෂයේ වෙනත් කිසිදු තනතුරක වෙනසක් සිදු නොකිරීමටත් සජිත් ප්‍රේමදාස මහතා එකඟ වී තිබෙන බව මෙහිදී මන්ත්‍රීවරුන් අග්‍රාමාත්‍යවරයා වෙත දැනුම් දී තිබේ.

මේ අතර යාපනයේ වලිකාමම්හි පැවති උත්සවයකට සහභාගි වීමෙන් අනතුරුව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා එම ප්‍රදේශයේ තරුණයින් සමග එක්ව ක්‍රිකට් හා පාපන්දු ක්‍රීඩාවල නිරත විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More