ව්‍යාපාරික පුවත්

මෙරට ප්‍රධාන පෙළේ කැසිනෝ ව්‍යාපාරිකයෙකු/ බලපත්‍රධාරියෙකු වන රවී විජේරත්න මහතා විසින් අර්බුදයට ලක්ව ඇති ඉදිකිරීම් සමාගමක් වන MTD Walkers PLC හි බහුතර කොටස් අයිතිය මිල දී ගැනීම සඳහා එකඟතාව පළ කර තිබේ.

මේ බව MTD Walkers PLC සමාගම විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දෙමින් කියා සිටිනේනේ කොළඹ 07 ග්‍රෙගරි පාරේ අංක 14/1 දරණ ලිපිනයෙහි පදිංචි අංක 591903942V දරණ ජාතික හැඳුනුම්පත හිමි හේවාවසම්ගේ රවීන්ද්‍රනාත් ශ්‍රීලාල් විජේරත්න මහතා විසින් MTD Walkers PLC හි බහුතර කොටස් අයිතිය දරනු ලබන එහි මව් සමාගම වන MTD Capital Bhd සමඟ මේ සඳහා එකඟතාවට පැමිණ ඇති බවයි.

MTD Walkers PLC සමාගමේ නිකුත් කළ ප්‍රාග්ධනයෙන් 90.78% ක් හෙවත් කොටස් 152,183,583 ක හිමිකම MTD Capital Bhd සතුවේ.

කෙසේ වෙතත් මීට අදාළ මිල ගණන් පිළිබඳ කිසිඳු අනාවරණයක් මේ දක්වා සිදුකර නොමැත.

ලැයිස්තුගත සමාගමක් වන MTD Walkers PLC හි කොටස් ගනුදෙනු මේ වන විට අත්හිටුවා ඇති අතර 2019 පෙබරවාරි 13 දින අවසානවරට මෙම සමාගමේ කොටසක ගනුදෙනු මිල රු. 15.50 ක් ලෙසින් සටහන් විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More