දේශීය පුවත්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සිය ධුරය දැරිය හැකි අවසන් දිනය දක්වා තනතුර දැරීමට අවකාශ සලසාදී ඉන්පසු දිනයක ජනාධිපතිවරණය පවත්වන ලෙස ශ්‍රීල.නි.ප. මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් රහසිගත ලිඛිත ඉල්ලීමක් කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.

පැරණි ව්‍යවස්ථාව යටතේ වසර හයක ධුර කාලයකට පත්වූ මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ධුර කාලයෙන් වසරක් අඩු කරගෙන විශාල කැපකිරීමක් කර ඇති නිසා ඔහුට දැනට හිමිව ඇති වසර පහක උපරිම නිල කාලය අවසන් දිනය දක්වා දැරීමෙන් පසු ජනාධිපතිවරණය පවත්වන්නැයි ශ්‍රී.ල.නි.ප. මහ ලේකම්වරයා මැතිවරණ කොමිසමේ සභාපති වෙත යොමුකළ ලිපියේ සඳහන්ය.

එහෙත් මැතිවරණ කොමිසම ඒ සම්බන්ධව මෙතෙක් තීන්දුවක් ගෙන නැත. ජනාධිපතිවරයාගේ ඉල්ලීම එලෙස ඉටුකළහොත් ජනාධිපතිවරණය පැවැත්විය හැකි අවසන් දිනය මෙම වසරේ දෙසැම්බර් මස 07 දාය.

නමුත් දෙසැම්බර් මුල් සතියේ සිට අ:පො:ස: සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන නිසා මෙම ඉල්ලීම ඉටුකිරීම ප්‍රායෝගික වශයෙන් දුෂ්කර බව මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග කියයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More