දේශීය පුවත්

ජාතික නිදහස් පෙරමුණේ තුන්වන ජාතික මහා සමුළුව අද (08) සවස කොළඹ සුගතදාස ගෘහස්ථ ක්රීඩාංගනයේදී අභිමානවත් අයුරින් මුළු දුන්නේය.

මෙම අවස්ථාවට පස්වැනි විධායක ජනාධිපති‍ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ හා ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ප්රධාන ආරාධිතයෝ ලෙස එක් වූහ.

එහිදී රටේ පාලකයා වූ පසු ජනතාව වෙනුවෙන් ක්රියාත්මක කළ යුතු උපායොමාර්ගික යෝජනා මාලාවක් සහිත යෝජනාවලිය ගෝඨාභය රාජපක්ෂයන් වෙත ජානිපෙ නායක විමල් වීරවංශ මහතා විසින් පිළිගැන්වූයේ එය සමුළුවෙහි ඒකමතිකව සම්මත කිරීමෙන් අනතුරුවය.

ගෝඨාභය රාජපක්ෂයන් වෙනුවෙන් සැකසුණු රූපාවලියක් එළිදැක්වීම ද එතුමන් වෙනුවෙන් විමල් වීරවංශයන් රචිත ”වසල දුදනන් නිසල කළ රට – වෙසෙන සුදනන් පතන මව්රට…” ගීතය එළි දැක්වීම ද මෙහිදී සිදු කෙරිණි. ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර , ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, විමල් වීරවංශ යන මහත්වරු ද එහිදී අදහස් දැක්වූහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More