දේශීය පුවත්

ජනාධිපතිවරණයට දින ආසන්න වීමත් සමග විදේශගතව සිටින පාතාල නායකයන් හා ඔවුන්ගේ සාමාජිකයන් යළි දිවයිනට පැමිණ අපේක්ෂකයන්ට ළංවීමට පටන්ගෙන ඇති බවට බුද්ධි අංශ වෙත තොරතුරු වාර්තා වේ.

පසුගිය සතිය වන විට ප්‍රධාන පෙළේ පාතාල නායකයන් තිදෙනකු මේ ආකාරයට දිවයිනට පැමිණ ඇත.

ඒ අතර බ්ලූමැන්ඩල් සංඛ, ඌරගහ මයිකල් සහ ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි තවත් පාතාල නායකයන් මෙරටට පැමිණ තිබේ. ඔවුන් මෙසේ පසුගිය කාලසීමාවේ වෙනත් පාතාල කණ්ඩායම්වලින් හා ආරක්ෂක අංශවලින් බේරීම සඳහා විදේශගතව සිටියේය. ඔවුන් විදේශ රටවලට පැනගත් ආකාරයට බෝට්ටුවෙන්ම මෙරටට පැමිණ ඇති බව සඳහන් වේ. බ්ලූමැන්ඩල් සංඛ ප්‍රබල ඇමැතිවරයකුගේ දැනුම් දීමක් මත පැමිණ තිබේ.

මීට අමතරව දැනට බන්ධනාගාරගතව සිටින දෙමටගොඩ චමින්දගේ ගෝලයන් ද ජනාධිපති අපේක්ෂකයන්ගේ අනුගාමිකයන් සමග සම්බන්ධ වී ප්‍රධාන නායකයන්ට සමීප වීමට කටයුතු යොදමින් සිටින බවට බුද්ධි අංශ වෙත වාර්තා වී ඇත. මීට අමතරව දූනගහ ප්‍රදේශයේ නම ගිය පාතාල නායකයකුද මේ ආකාරයට මැතිවරණ කටයුතුවලට සහාය ලබා දීමට සූදානම් බවට ප්‍රදේශයේ දේශපාලනඥයන්ට පවසා ඇති බව වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More