දේශීය පුවත්

තමා අපේක්ෂක සටන අත්නොහරින බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, ඊය් පස්වරුවේ කොළඹ, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති උත්සවයකදීයි.

එක්සත් ජාතික පක්ෂයෙන් පසුගිය පළාත් පාලන මැතිවරණයට තරග කළ අපේක්ෂකයින්ගේ නියෝජිත හමුවක් එම පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 3ට කොළඹ, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණි.

එම හමුවට කැබිනට් අමාත්‍යවරුන් අතරින් රංජිත් මද්දුමබණ්ඩාර, කබීර් හෂීම්, හරීන් ප්‍රනාන්දු සහ චන්ද්‍රානි බණ්ඩාර යන අය පමණක් සහභාගි වී සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේ ප්‍රකාශ කළේය.

“දැන් එක එක කටකතා යනවා අද අගමැති වෙනවා හෙට අගමැති වෙනවා කියලා…

පස්සා දොරෙන් අගමැතිකම ගන්න තරම් මම දේශපාලන අවජාතකයෙක් නෙවෙයි.

මම යන්න ඕනෙ තැනට යන්නේ ජනතාවගේ කර පිටින්. හැබැයි ඉහළම තැනට ගියාම ඔබලාට මාව නුවර රජගෙදරදි හමුවෙන්න බෑ.

නුවර එළියේ, කොළඹ ජනාධිපති මන්දිරයේ දී මාව හමුවෙන්න බෑ.

මම ඉන්නේ මහපාරේ ඔබලාත් සමඟ. මා කැටුව එන්නේ එජාපයේ අගමැතිවරයෙක්.

අගමැතිකම බන්දේසියක තබා දෙන විටත් මම ප්‍රතික්ශේප කළා.

ඒ නායකයාට, පක්ෂයට තියෙන ගරුත්වය නිසා.

කොච්චර තැටමුවත්, මේ තීන්දු තීරණ ගන්න එක කොච්චර පස්සට දැම්මත් සජිත් ප්‍රේමදාස අඩියක් නෙවේ මිලි මීටරයක්වත් පස්සට යන්නේ නෑ.”

මෙහිදි සජිත් ප්‍රේමදාස මහතා ඉදිරි ජනාධිපතිවරණයේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා ලෙසට නම් කළ යුතු බවට වූ යෝජනාවක් ද එම පක්ෂයේ පළාත් පාලන මැතිවරණයට තරග කළ අපේක්ෂකයින් සහ මන්ත්‍රීවරුන් විසින් සම්මත කරගනු ලැබුවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More