දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටුව සමඟ සන්ධානගත නොවී නව සන්ධානයක් පිහිටුවීමට අදාළ යෝජනාවක් හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය විසින් පක්ෂයට හා ජනාධිපතිවරයාට ඉදිරිපත් කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.

ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රී.ල.නි.පයේ දැනට ඉතිරි වී සිටින මන්ත්‍රීන්, ජනතා විමුක්ති පෙරමුණ, ජාතික හෙළ උරුමය පමණක් නොව එ.ජා.පයේ හා පොහොට්ටුවේ මන්ත්‍රීන් ගණනාවකගේ සහාය ද එයට ලබාගත හැකි යැයි චන්ද්‍රිකා මැතිනිය කළ යෝජනාවේ සඳහන්ය. සිවිල් සංවිධාන රැසක් ද එක්කර ගැනීම මෙහි ඊළඟ අරමුණ බව ප්‍රකාශිතය.
එසේ සකස් කරන සන්ධානය සුදුසු ජනාධිපති අපේක්ෂකයකුට සහාය දීමටත් අගමැති ධූරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබා ගැනීමත් මෙම යෝජනාවේ දෙවැනි පියවර බව සඳහන්ය. එ.ජා.පයේ පවත්නා බල අරගලය හේතුවෙන් සජිත් පිල වෙනම තරගයකට සූදානම් වන්නේ නම් ඔවුන් නිසැකවම මෙම සන්ධාන යෝජනාවට එකඟ වනු ඇතැයි හිටපු ජනාධිපතිනිය විශ්වාසය පළ කර තිබේ.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා මෙතෙක් අදාළ යෝජනාවට පූර්ණ එකඟත්වය පළ කර නැත. ඔහු ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී.ල.නි.පයේ සමිති සංවිධාන ශක්තිමත් කරන ලෙසයි. එසේම පසුගියදා පක්ෂ සම්මේලනයේ දී ඔහු කීවේ තමන් ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය දැනටමත් අරඹා ඇති බවය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More