දේශීය පුවත්

මහින්ද රාජපක්ෂ රජයක් විසින් කිසිම දිනක රටේ ආර්ථිකමය වශයෙන් වැදගත් ස්ථාන අන්සතු නොකළ බවත් එහෙත් අද වන විට ආර්ථියමය වශයෙන් වැදගත් ස්ථාන විදේශිකයන්ට යටත්ව ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

අද(07) අවිස්සාවේල්ල ප්‍රදේශයේ පැවති මහජන එක්සත් පෙරමුණේ සමුළුවකට එක්වෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකාව විවිධ බලවතුනේගේ බලපෑම්වලට යටතව ඇති බවත් මෙම බලපෑම්වලින් මිදීමට සඳහා ඇතැම් රටවල් සතුටු කිරීමට නොහැකි බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී සඳහන් කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී පවසා සිටියේ ඉදිරියේදී පිහිටුවන ආණ්ඩුවක් යටතේ විදේශකයන්ට යටත්ව ඇති ආර්ථියමය වශයෙන් වැදගත් ස්ථාන යළි මෙටර පාලනයට ගැනීම සඳහා ක්‍රියාත්මක විය යුතු බවයි.

මේ අතර රටේ ජාතික ආරක්ෂාව තහවුරු කර ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩනගන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More