දේශීය පුවත්

ඉදිරි ජනාධිපතිවරණයට තමා ඉදිරිපත් වන බවත් තමා සමග එක්‌වීමට අකමැති අයට දේශපාලන තීන්දුවක්‌ ගත හැකි බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (06 වැනිදා) අරලියගහ මන්දිරයේදී පැවැති පක්‌ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ හමුවේදී පැවසුවේ යෑයි ලක්‌ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

මෙම හමුවට අගමැතිවරයා සමඟ ලක්‌ෂ්මන් කිරිඇල්ල, කබීර් හෂීම්, අකිල විරාඡ් කාරියවසම්, ගාමිණී ජයවික්‍රම පෙරේරා, ජෝන් අමරතුංග, රවි කරුණානායක, දයා ගමගේ, µSල්ඩ් මාර්ෂල් සරත් ෙµdන්සේකා යන මහත්වරු සහභාගි වූහ.

එ. ජා. ප. නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මෙම සාකච්ඡාවට සහභාගි වී නොමැති අතර ඔහු නියෝජනය කරමින් ඇමැතිවරුන් වන කබීර් හෂීම්, මලික්‌ සමරවික්‍රම සහ රංජිත් මද්දුමබණ්‌ඩාර යන මහත්වරුන් සහභාගි වී ඇත.

සාකච්ඡාව ආරම්භයේදීම අගමැතිවරයා සඳහන් කර ඇත්තේ තමාට බිම්මට්‌ටමේ මෙන්ම පක්‍ෂයේ සෑම තරාතිරමකම සහයෝගය ඇති බැවින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට කැමැත්තක්‌ ඇති බවය.

එක්‌සත් ජාතික පක්‍ෂයේ මෙන්ම එක්‌සත් ජාතික පෙරමුණේ ද සුළු පක්‍ෂවල ද සහයෝගය තමාට ලැබී ඇති බැවින් පක්‍ෂ නායකයා ලෙස තමා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන බව සඳහන් කර ඇති අගමැතිවරයා මේ සම්බන්ධ යෝජනාව පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්‌ඩලයට ඉදිරිපත් කළ පසු ඕනෑම අයකුට ඒ සම්බන්ධව තීරණයක්‌ ගත හැකි බව ද කියා ඇත.

මෙම සාකච්ඡාව අවසානයේදී දෙපාර්ශ්වයම තීරණය කර ඇත්තේ පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරු පමණක්‌ හමුවී යම් එකඟතාවකට පැමිණිය යුතු බවය.

ඒ අනුව හෙට (08 දා) සවස ඔවුන් දෙදෙනාගේ හමුවක්‌ කොළඹදී පැවැත්වීමට නියමිතය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More