පසුගිය යුද සමයේදී මන්නාරම් ප්‍රදේශයේ සිට ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රදේශයට මුහුදු මාර්ගයෙන් සංක්‍රමණය වූ සරණාගතයන් 27දෙනෙකු නැවත මෙරටට ගෙන්වූ බව නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙරට ගෙන්වූ මෙම සරණාගතයින් පිරිසට කාන්තාවන් 11 දෙනෙකු ද, පිරිමි පුද්ගලයන් 10දෙනෙකු හා ළමුන් 6 දෙනෙකු ඇතුළත් වන අතර මොවුහු යාපනය, කිලිනොච්චිය හා ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල පදිංචිකරුවන්ව සිටි අය වෙති.
ඔවුන් පසුගිය යුද සමයේදී බෝට්ටු මගින් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයට සරණාගතයන් ලෙස ඇතුළු වී ඇති මොවුහු පසුව තමිල්නාඩු සරණගාත කඳවුරුවල ජීවත් වූ අයවෙති.
නැවත පදිංචිකිරීමේ අමාත්‍යංශය සහ එක්සත් ජාතින්ගේ සංවිධානය එක්ව ඔවුන් නැවත ගෙන්වා ගැනීමට කටයුතු කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...