Uncategorized

ඇල්පිටිය අලුත්ගම ප්‍රධාන මාර්ගයේදී අලුත්ගම සිට ඇල්පිටිය දක්වා ගමන් කළ ලංගම බසයක සිටි පුද්ගලයකුට බසයේ සිටි තවත් පුද්ගලයකුම වෙඩිතබා ඝාතනය කර ඇතැයි ඇල්පිටිය පොලීසිය කියයි.

අද උදෑසන ඇල්පිටිය අටකෝට්ටේ පාලු ස්ථානයකදී මෙම වෙඩි තැබීම සිදු කර ඇත.

මියගොස් ඇත්තේ ඌරගස්මංහන්දිය වල් ඉඟුරුකැටිය ප්‍රදේශයේ පදිංචි රංජිත් ජයවර්ධන නැමැත්තෙකි. නඩු කටයුත්තක් සඳහා ඔහු බිරිය සමඟ ඇල්පිටිය අධිකරණයට යමින් සිටියදී මෙලෙස ඝාතනය වී ඇතැයි පොලිසිය කියයි.

සිද්ධියෙන් පසු වෙඩි තැබූ සැකකරු බසයෙන් බැස බසය පිටුපසින් පැමිණි යතුරු පැදියක නැඟ තවත් පුද්ගලයකු සමඟ පළා ගොස් ඇතැයිද ඔහු සොයා පරීක්ෂණ අරඹා ඇතැයිද පොලීසිය සඳහන් කරයි.

 

lankadipa



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More