දේශීය පුවත්

කටුනායක, මත්තල, රත්මලාන සහ මඩකලපුව යන ගුවන්තොටුපොළ එකිනෙකට සම්බන්ධ කෙරෙමින් කලාපීය සහ ජාත්‍යන්තර ගුවන් ගමන් සේවා ආරම්භ කෙරෙන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අද(05) පැවසීය.

ඒ අනුව මෙම ගුවන් තොටුපළ හතර ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ලෙස ප්‍ර‍වර්ධනය කෙරෙන බවත් පලාලි සිට ඉන්දියාව දක්වා ආරම්භ කරන ගුවන් ගමන් සේවා සැපයීමේදී දේශීය මූල සමාගම්වලට ඉහළ පුමුඛතාවක් ලබා දෙන බවත් එහිදී අමාත්‍යවරයා සඳහන් කළේය.

පලාලි ගුවන්තොටුපොළහි නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් අද (05) අමාත්‍යවරයා මේ බව කීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා මෙසේ ද පැවැසීය.

“ඔක්තෝම්බර් මාසයේ 10වැනිදා වන විට පලාලි ගුවන් තොටුපොළේ පළමු අදියරේ සංවර්ධන කටයුතු අවසන් කර 16 වැනිදා ගුවන් මෙහෙයුම් නිල වශයෙන් ආරම්භ කිරීමට අපේක්ෂා කරනවා.

ඒ වගේ ම ගුවන්තොටුපොළ ආශ්‍රිත රැකියා ලබා දීමේදී උතුරු පළාත් ජනතාවට වැඩි අවස්ථාවක් ලබා දීමට කටයුතු කරනවා‘‘ යැයි ද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More