දේශීය පුවත්

පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන අනුව ප‍්‍රහාරයට සම්බන්ධ ත‍්‍රස්තවාදීන් හා ඔවුන්ට ආධාර අනුබල දුන් පුද්ගලයන් ඇතුළු සැකකරුවන් හතළිස් එක් දෙනකුට අයත් බැංකු ගිණුම් සියයක තිබෙන රුපියල් මිලියන 134 ක කි‍්‍රයාකාරීත්වය තහනම් කිරීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

මීට අමතරව ත‍්‍රස්තවාදීන් සතුව තිබූ රුපියල් මිලියන විස්සකට අධික මුදලක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇති අතර රුපියල් බිලියන හයකට අධික නිශ්චල සහ චංචල දේපල හඳුනාගෙන ඒ සියල්ල තහනම් කිරීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන අරඹා තිබෙන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා පැවසීය.

මෙම විමර්ශනයට අනුව දුරකථන අංක 2919 ක් සහ එමි අංක 169 ක් පිළිබ`ද සියුම් විශ්ලේෂණයක් සිදුකර පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැුසක් අනාවරණය කරගැනීමට ද පොලිසිය සමත්ව ඇත.

ඒ අනුව පාස්කු ප‍්‍රහාරයට අදාළ ත‍්‍රස්තවාදීන්, ඔවුන්ට ආධාර අනුබල දුන් සැකකරුවන් සහ ත‍්‍රස්තවාදීන් සමග පුහුණුව ලැබූ ත‍්‍රස්තයන් මෙන්ම තහනම් සංවිධානවල සාමාජිකයන් ඇතුළුව සැකකරුවන් 293 දෙනකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More