ජාතික වියත් පවුර මගින් සංවිධානය කල විල්පත්තුව නැවත වගා කිරීම සඳහා කාබනික පොහොර ටොන් 20ක් පරිත්‍යාග කිරීම සහ පැල සිටුවීමේ ව්‍යාපෘතිය පසුගිය සැප්තැම්බර් 2 වනදා විල්පත්තුව නැවත වගා කිරීමේ ප්‍රදේශයේදී පැවැත්විණි.
ග්‍රීන් ෆෝස් කෘෂිකාර්මික ආයතනය (Green Force Agriculture) විසින් පරිත්‍යාග කරන ලද මෙම පොහොර තොගය පුජ්‍ය ගල්ලැහැපිටියේ පේමරත්න හිමියන් ඇතුළු ජාතික වියත් පවුරේ නියෝජිතයින් අතින් 54 වන බල සේනාංකාධිපති බ්‍රිගේඩියර් AAIG බණ්ඩාර මහතා වෙත බාර දීමට කටයුතු කරන ලදී.
මෙහිදී ජාතික වියත් පවුරේ නියෝජිතයින් විල්පත්තුවේ නැවත වගා කිරීමේ ප්‍රදේශයේ පැල සිටුවීමටද සහභාගී විය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...