දේශීය පුවත්

මාවනැල්ල බුදුපිළිම කැඩිමේ සිද්ධිය පිළිබඳ තොරතුරු හෙළිදරව්කළ සහකාර පොලිස් අධිකාරි ගාමිණි තෙන්නකෝන් මහතාට බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා අද (03) දිනයෙදී තර්ජනය කර තිබෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රි ජයන්ත සමරකෝන් මහතා පාර්ලිමේන්තුවෙදී ඊයේ (03) පැවසීය.

බුදුපිළිම කඩාදැමිමේ සිද්ධිය විමර්ශනය කිරීමේ කණ්ඩායමේ ප්‍රධානියා වූ මෙම සහකාර පොලිස් අධිකාරිවරයාට තර්ජනය කිරීම සම්බන්ධයෙන් අසාද් සාලි මහතා අත්අඩංගුවට ගතයුතු බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය.

“මාවනැල්ලේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් අත්අඩංගුවට ගත්තානම් පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වාගන්න තිබුණා.ඔවුන් අත්අඩංගුවට ගන්න දුන්නැත්තේ ආසාද් සාලි. නමුත් ඔහුගෙන් කටඋත්තරයක්වත් ගත්තේ නැහැ.පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන විමර්ශනය කරන තේරීම්කාරක සභාවට ගාමිණී තෙන්නකෝන් මහතා කැඳවන්න කියලා අපි කතානායකවරයාගෙන ඉල්ලා සිටියත් එම කැඳවීම සිදුවුනෙත් නැහැ.

අසාද් සාලිගේ තොරතුරු සමාජයට කිව්වෙ ඇයිද කියලා අහලා තර්ජනය සිදුකර තියෙන්නේ.

අසාද් සාලිගේ මේ දුෂ්ට උත්සහය පිළිකුලෙන් හෙළා දකිනවා.වහාම අසාද් සාලි අත්අඩංගුවට ගන්න ඕන.එවිට  වහබ්වාදි අන්තවාදි සියලු දෙනා ගැන හෙළිදරව් කරගන්න පුළුවන්.මොහු ආගිය තැන් හොයන්න ඕන.ජාත්‍යන්තර සබඳතා හොයන්න ඕන.ජාතික වශයෙන් ව්‍යාප්තවෙලා තියෙන්නෙ කොහේද,ඊළඟ සැලසුම් මොනවාද කියා එවිට සොයාගන්න පුලුවන්.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More