දේශීය පුවත්

ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා කැඳවන දිනය මැතිවරණ කොමිසම රැස්වී තීරණය කරන බවත්, ඒ පිළිබඳව දිනයක් තමාට ප‍්‍රකාශ කළ නොහැකි බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය මහතා ඊයේ (03 දා) දහවල් මාධ්‍යයට පැවසීය.

නොවැම්බර් 15 වැනිදා හා දෙසැම්බර් 7 වැනිදා අතර දිනයක් නාම යෝජනා කැඳවීමට යොදා ගන්නා බව ද හෙතෙම පැවසීය.

කළුතර දිසා ලේකම් කාර්යාලයේ පැවති මැතිවරණ කටයුතු පිළිබඳව නිලධාරීන් දැනුවත් කිරීමේ හමුවකින් පසුව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා එසේ කීය. ඡුන්දයේ වටිනාකම නිලධාරීන් වටහා ගන්න ඕනෑ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන්නේ ජනතාවගේ අයිතියක්. ඡුන්දය කියන්නේ එක් කොටසකට බලය පැවරීමයි. ජනතාවගේ අයිතිය ආරක්ෂා කරමින් කළ යුතු දේ කරන්නත් නොකළ යුතු දේ නොකිරීමත් මැතිවරණ නිලධාරීන්ගේ වගකීමයි. සිය රාජකාරිය පි‍්‍රයමනාපව සතුටින් කිරීමට ඔබ කටයුතු කරන්න ඕනෑ.

ඉදිරි මැතිවරණයේදී දිස්ති‍්‍රක් මට්ටමින් පැමිණිලි කමිටු ස්ථාපිත කරනවා. දිසාපති, නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් හා නියෝජ්‍ය පොලිස්පතිවරයා නම් කරන නිලධාරීන් තිදෙනකුගෙන් ඒ පැමිණිලි කමිටු නම් කරනවා යැයි ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කීය.

නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් ඇම්. ඇම්. එස්. කේ. බණ්ඩාර මාපා, කළුතර නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් කාලින්ද ජයවීර ප‍්‍රනාන්දු යන මහත්වරුන් ද කතා කළ අතර කළුතර දිසා ලේකම් යූ. චන්දන ජයලාල්, අතිරේක දිසා ලේකම් තිලංකා වෙත්තසිිංහ යන මහත්ම මහත්මීහු ද මේ අවස්ථාවට සහභාගි වූහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More