දේශීය පුවත්

පාස්කු ඉරුදින එල්ලවූ ත‍්‍රස්ත ප‍්‍රාහාරය ගැන හොයනවාටත් වඩා ජනාධිපතිවරණ අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නම 2005 ඡන්ද හිමි නාමලේඛණයට ඇතුළත්ව තිබුනේදැයි සෙවීම අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන්ට වැදගත්ව තිබෙන බව විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා අද (3) පැවැසීය.

ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ 20 අධික නිළධාරීන් පිරිසක් හම්බන්තොට නගරයට පැමිණ සිටින බවද ඔහු කීය.

විපක්‍ෂනායකවරයා මෙසේද කීය.

දැන් ප‍්‍රසිද්ධියේ මිනිස්සු මරනවා. ඒව ගැන හොයන්නේ නැහැ. අපරාධ ගැන හොයනවට වඩා ගෝඨාභයගේ නම 2005 ඡන්ද නාම ලේකණයට ඇතුළත්ව තිබුණද කියල හොයන එක අපරාධ පරීක්‍ෂ දෙපාර්තමේන්තුවට වැදගත්ව වෙලා. ඔවුන්ට මේ දවස්වල තියෙන ලොකුම වැඬේ ඒකයි. ඒ විතරක් නෙවෙයි ඔහු විදේශගමන් බලපත‍්‍රය වෙනස් කර ගැනීම සම්බන්ධයෙනුත් අද දිනය ඇතුළත වාර්තාවක් කැදවා තිබෙන බවද විපක්‍ෂනායකවරයා කීය.

කොළඹ ප‍්‍රදර්ශණ හා සම්මේලන මධ්‍යස්ථානයේ අද (3) පැවැති සමෘද්ධි වෘත්තීය සමිති නියෝජිතයන්ගේ මහ සමුළුවට එක්වෙමින් විපක්‍ෂනායකවරයා මේ බව සදහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More