සුරක්ෂිත සහ විනයගරුක රටක් බිහිකරන බවට තමා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඇතැමුන් අසත්‍ය ප්‍රචාර පතුරුවා හරිමින් සිටින බව ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
කොළඹ ඊයේ (01) පැවැති උත්සවයකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
එම අවස්ථාවට එක් වූ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ රට නැවතත් වැඩබිමක් බවට පත් කළ හැකි විනය ගරුක නායකයෙක් තමන් ඉදිරිපත් කර ඇති බවයි.
ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණට අනුබද්ධ පෞද්ගලික බස් රථ සේවා වෘත්තිකයන්ගේ ජාතික සම්මේලනය ඊයේ පස්වරුවේ පැවැත්වුනේ කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදීයි.
ඒ ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක,විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ එම පක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන්.
මේ අතර ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රගතිශීලි වෘත්තිය සමිති ජාතික මහා සම්මේලනයද අද (02) පෙවරුවේ කොළඹදී පැවති අතර එහිදී වෘත්තිය සමිති ඉදිරිපත් කළ යෝජනාවලිය සම්මත කර ගැනිමද සිදුකෙරුණි.
මේ අතර ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය අතර හමුවක්ද අද පස්වරුවේ කොළඹදී පැවැත් විය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...