පක්ෂය මාරු කර වෙනත් පක්ෂ සඳහා සහයෝගය දැක්වූ මන්ති‍්‍රවරුන්ගේ ධූර අහෝසි කිරීම සම්බන්ධයෙන් මේ වනවිට කටයුතු ආරම්භ කර ඇතැයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.
ඒ අනුව මීට පෙර එක්සත් ජාතික පක්ෂයට එක්වූ මන්තී‍්‍රවරුන් තිදෙනාගේ මෙන්ම, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්වූ මන්ත්‍රිවරුන් දෙදෙනාගේ ද ධූර අහෝසි කිරීමට තීරණය කර ඇත.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්තී‍්‍රවරුන් වන විජිත් විජයමුණි සොයිසා, ලක්ෂ්මන් සෙනෙවිරත්න සහ ඉන්දික බණ්ඩාරනායක මීට පෙර ආණ්ඩුවට සහය පළ කළ අතර ඉකුත් දා එස්. බී. දිසානායක සහ ඩිලාන් පෙරේරා යන මන්තී‍්‍රවරුන් ද ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්වුණි.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික ලැයිස්තු මන්තී‍්‍රධූරවලින් පාර්ලිමේන්තුවට පිවිස පක්ෂය මාරු කළ මන්තී‍්‍රවරුන්ට එරෙහිව පළමුව පියවර ගැනීමට තීරණය කර ඇත.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද අමරවීර පවසන්නේ එම ජාතික ලැයිස්තු මන්තී‍්‍රධූර තම පක්ෂය සතු මන්තී‍්‍රධූර බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...