දේශීය පුවත්

කැලණිය රජමහා විහාරස්ථ දායක සභාවේ සභාපති ධුරයෙන් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඉවත් කිරීමේ යෝජනාවක් ඊයේ (01 දා) එම විහාරස්ථානයේ පැවැති දායක සභා රැස්වීමේදී බහුතර කැමැත්තෙන් සම්මත වී ඇත.

එම යෝජනාව කැලණිය ශීල භාවනා සමිතියේ ටී. වීරසිංහ මහතා විසින් ඉදිරිපත් කරන ලද අතර එය කැලණිය විහාරස්ථ දායක සභාවේ සම ලේකම් සමන් රණසිංහ මහතා විසින් ස්ථිර කරන ලදී.

එසේ එම යෝජනාව සම්මත වීමෙන් පසු විහාරාධිපති ආචාර්ය කොල්ලූපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන් විසින් සභාවෙන් විමසා ඇත්තේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට සහාය පළ කර අය සිටිනවාද යන්නයි. එහිදී සභාවේ සිටි හත්දෙනකු අත් ඔසවමින් රනිල් වික‍්‍රමසිංහ මහතාට සහාය පළ කර ඇත. සෙසු පිරිස එම යෝජනාවට පක්ෂ වී තිබේ.

එම යෝජනාව සම්මත වන විට සාමාජිකයන් 300 කට අධික පිරිසක් දායක සභා රැස්වීමට සහභාගි වී සිටියහ.

කෙසේ වෙතත් මේ සම්බන්ධව තීන්දුවක් ගැනීමට විධායක සභාවට යොමු කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More