දේශීය පුවත්

මුහුදු, ගුවන් මෙන්ම ගොඩබිම් ආරක්ෂාව ඇතුළුව මේ සමුළුව වෙනුවෙන් දැඩි ආරක්ෂාවක් යොදා ඇති බවද පැවසේ.
ඒ සඳහා අමතර ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් යොදවා තිබේ. දින දහයක් පුරා පැවැත්වෙන මෙම සමුළුව කොළඹ 4, වෙරළ තීර මාවතේ බෝරා මස්ජිද් ප්‍රධාන පල්ලියේ දී පැවැත්වේ.

සමුළුවට එක්වීමට පැමිණි විවිධ රටවල් බෝරාවරුන් කළුතර සිට මීගමුව දක්වා මුහුදු සීමාවේ හා රට තුළට අවිස්සාවේල්ල නිට්ටඹුව දක්වා වූ ප්‍රධාන හෝටල් සියයක්ම ම වාගේ වෙන්කරවා ගෙන තිබීම විශේෂ සිද්ධියකි.

මෙම සමුළුව නිසා ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 130 ක ආදායමක් ලැබන බව පැවසේ මැණික් කර්මාන්ත අත්කර්මාන්ත නිපැයුම්වලට දැඩි ඇල්මක් දක්වන පිරිසකි.

ලෝකයේම බෝරාවරුන් ලක්ෂ12කට ආසන්න පිරිසක් සිටින අතර ලංකාවේ ඉන් දෙදහස් හයසියයකට ආසන්න පිරිස්ක් ජීවත්වන බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු දත්තවලින් වාර්තාවේ.

බෝරාවරුන් වැඩිම පිරිසක් ජීවත් වන්නේ ඉන්දියාවේ වන අතර බෝරාවරුන්ගේ නායකයා ආචාර්ය ෂෙයිඩ් මුෆාචල් සයිෆුදීන් පසුගිය සතියේ දිවයිනට පැමිණියේය.

මෙම බෝරාවරැන් පිරිසක් අද දින විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද හමුවී සාකච්ඡාවක් පවත්වා ඇති බව අභ්‍යන්තර ආරන්චිමාර්ග සදහන් කරයි.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More