දේශීය පුවත්

ජිනීවා මානව හිමිකම් කොමසාරිස්‌ මිචෙලි බැචලට්‌ ශ්‍රී ලංකාවේ ස්‌වෛරීභාවය උල්ලංඝනය කරමින් අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වී ඇතැයි ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක සභාවේ මහ ලේකම් යසස්‌ ධර්මදාස මහතා එක්‌සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුවාරෙස්‌ වෙත පැමිණිලි කර ඇත.

හමුදාපතිවරයා පත් කිරීම ගැන ද ඇය සෘජුව මැදිහත් වී ඇති බව දක්‌වන ඒ මහතා මෙම ක්‍රියාව එක්‌සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය කඩකිරීමක්‌ බව ද තම පැමිණිල්ලේ තවදුරටත් දක්‌වා තිබේ.

ජිනීවා මානව හිමිකම් කොමසාරිස්‌වරියට එරෙහිව මෙතෙක්‌ කිසිදු පාර්ශ්වයක්‌ පැමිණිලි කර නැත.

මේ අතර ජිනීවා යෝජනාවට හිටපු විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර එකඟත්වය පළ කිරීම නීති විරෝධී බවත් ඊට අනුමැතිය දිය හැක්‌කේ ජනපතිට පමණක්‌ බව දක්‌වමින් ඉදිරිපත් කළ පැමිණිල්ල මානව හිමිකම් කවුන්සිලය ප්‍රතික්‌ෂේප කිරීම සම්බන්ධයෙන් අභියාචනයක්‌ ඉදිරිපත් කර ඇතැයි යසස්‌ ධර්මදාස මහතා පැවසීය.

බ්‍රිතාන්‍ය රාජ නීතිඥ ඡේප්රි නයිස්‌ සහ නීතිඥ දර්ශන වීරසේකර යන මහත්වරුන් එම අභියාචනය මානව හිමිකම් කවුන්සිල බලධාරීන් වෙත ඉදිරිපත් කර ඇත.

මෙම අභියාචනයෙන් රටක නායකයා විදේශ ඇමැති නොව ජනපති යෑයි හඳුන්වා ඇත.

මෙම ජිනීවා යෝජනාවට තමන් එකඟ නොවූ බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා තිබිණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More