දේශීය පුවත්

රටේ ආරක්ෂාව තහවුරු කිරීමේ දී කාන්තාවන් හා ළමුන් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරමින් කටයුතු කළ යුතු බව පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන කාන්තා පෙරමුණේ ප්‍රථම සම්මේලනය අමතමිනි.

පොදුජන කාන්තා පෙරමුණේ ප්‍රථම සම්මේලනය මේ වනවිට පැවැත්වෙයි.

ඒ කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදියි.

අද රටේ කාන්තා හිංසනය හා ළමා අපරාධ බෙහෙවින් වැඩි වී ඇති අතර පොදු ප්‍රවාහන සේවයක පවා කාන්තාවකට නිදහසේ ගමන් කළ නොහැකි තත්ත්වයක් කාන්තාවන්ට උදා වී ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

මෙම තත්ත්වය කඩිනමින් පාලනය කළ යුතු බවත් කාන්තාවගේ ගෞරවය සුරිකින විනයගරුක ගුණගරුක සදාචාර සම්පන්න සමාජයක් යළි ගොඩනැගිය යුතු බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

රටේ ආරක්ෂාව තහවුරු කිරීමේ දී කාන්තාවන් හා ළමුන් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන අතර ළමා අපචාරවලට අදාළ නඩු කඩිනමින් අසා නිම කිරීමට විශේෂ යාන්ත්‍රණයක් සකස් කළ යුතු බව ද ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

එසේම රට තුළ මත්ද්‍රව්‍ය භාවිතය පසුගිය කාලය තුළ වර්ධනය වීමෙන් වැඩි වශයෙන්ම දුක් විඳින පිරිස බවට කාන්තාවන් පත්ව ඇති බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

අද ලංකාව අන්තර්ජාතික මත්ද්‍රව්‍ය බෙදා හරින මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් බවට පත්ව ඇති බවත් වසර ගණනාවක් තිස්සේ මෙම ප්‍රශ්නය විසඳීමට නිසි ආරක්ෂක ක්‍රියාමාර්ග නොගැනීම මීට හේතු වු බවත් ඒ මහතා පැවසීය.

එනිසා ජාතියේ අවශ්‍යතාවයක් ලෙස සලකා කඩිනමින් මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකීමට කටයුතු කිරීමට සහතික වන බව ද ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

ඉතිහාසය පුරාම ජාතිය අනතුරකට පත් වු විට ඉන් රට මුදා ගැනීමේ කාර්යට කාන්තාව නිරතුරුව සහාය වු බවත් තිස් වසරක් පැවති යුද්ධය අවසන් කිරීමට කාන්තා සෙබළියන් ජීවිත පූජාවෙන් සටන් කළ බව ද ඒ මහතා සිහිපත් කළේය.

වෙනත් කලාපීය රටවල්වලට සාපේක්ෂව අප රට තුළ සිටින්නේ උගත් කාන්තාවන් පිරිසක් බවත් උගත් මවක් ජාතියට සම්පතක් බවත් ඒ මහතා සඳහන් කළේය.

අනාගත අභියෝගයන්ට මුහුණ දී දරුවන් සූදානම් කිරීමේ දී එය පහසුවක් බව ද කුඩා දරුවන් සිටින කාන්තාවන් රැකියා කරන කාලයේ දී දරුවන් රැක බලා ගැනීම සඳහා පහසුකම් රට පුරා ප්‍රචලිත කළ යුතු බව ද ගෝඨාභය මහතා පැවසීය.

රැකියාවකට යාම වෙනුවට ගෘහස්ත ව්‍යවසාය හරහා ආදායම් ඉපයීමට මූලික ප්‍රාග්ධනය හා කාරක ප්‍රාග්ධනයට අදාළ අඩු පොලී ණය ලබා දීම හා ව්‍යාපාරික පුහුණුව ලබා දීම, වෙළඳපොල සම්බන්ධීකරණයට නිසි උපදෙස් ලබා දීමට රාජ්‍ය යාන්ත්‍රණය ඵලදායීව යොදා ගැනීමට කටයුතු කළ යුතු බවත් වැඩිදුරටත් ඒ මහතා කියා සිටියේය.

නැවත රට සෞභාග්‍යමත් අනාගතයකට ගෙන යාමට කාන්තාවගේ දායකත්වය අවශ්‍ය බවත් ඵලදායි පුරවැසියෙක්, විනය ගරුක සමාජයක් හා සෞභාග්‍යමත් දේශයක් ගොඩනැඟීම සිය අනාගත අරමුණ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

මෙම අවස්ථාව සඳහා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ, ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More