දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂය ඉදිරි ජනාධිපතිවරණයේදී ජයග්‍රහනය කිරිමට නම් අනිවාර්යයෙන්ම දෙවැනිපෙළකට අවස්ථාව ලබාදිය යුතු බව එක්සත් නීතිඥ සංගමයේ සභාපති නීතීඥ උපුල් ජයසූරිය මහතා පවසයි.

එක්සත් නීතීඥ සංගමය විසින් ඊයේ(31) කොළඹදි කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ ජනපති අපේක්ෂකයා තේරීම නාම යෝජනා කැඳවීමේ නිවේදනයෙන් පසු බවට එක්සත් ජාතික පක්ෂයේ නීති ලේකම්වරයා විසින් සිදු කළ ප්‍රකාශය වංචා සහගත ප්‍රකාශක් බව නීතීඥ උපුල් ජයසූරිය මහතා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නීතීඥ උපුල් ජයසූරිය මහතා මේ බව පැවසීය.

“මේ මොහොත වන විට ජනතාව 10 දෙනෙකුගෙන් නෙමෙයි. සිය දෙනෙකුගෙන් ඇහුවත්. මම හිතන්නේ අනූ නවයක් නෙමෙයි සිය දෙනාම කියන දෙයක් තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා හිටියා ඇති. දැන් ඇති කියන එක“



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More